මංගල , මලික් , අජිත් පී , පරණවිතාන ඇමති ධුර අත්හරිති

මංගල සමරවීර , මලික් සමරවික්‍රම , අජිත් පී පෙරේරා , කරුණාරත්න පරණවිතාන මහත්වරුන් ඔවුන් දැරූ ඇමති තනතුරුවලින් ඉවත් වී ඇති බව වාර්තා වෙයි . මොවුන් සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කැරලි ගැසුවෝ වෙති . එමෙන්ම ජනාධිපතිවරනයේදී ඔවුන් සංවිධානය කළ ආසන බර පතල ලෙස පරාජයට පත් වී ය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සකස් කර තිබු ජනාධිපතිවරණ සැලසුම් අතහැර වොක්ෂෝල් වීදියේ වෙනම කාර්යාලයකින් මැතිවරණය මෙහෙයවීමට ද මොවුහු කටයුතු කළහ . දැන් එම කටයුතුවල වගකීම භාරගෙන එම පිරිස ඉල්ලා අස්වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *