සයින්දමරුදු නගර සභාව මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක්, ආණ්ඩුව උගුලට අහු උණා – වසන්ත බණ්ඩාර

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ඒකකයක් පිහිටුවීම මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා. එය දශක ගණනාවක් තිස්සේ මුස්ලිම් බෙදුම්වාදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පළමු වරට මෙම ප්‍රදේශයට වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියේ 1987 වසරේදී බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා. ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය…

මේ රජයත් ජිනීවාහිදී කටයුතු කරන්නේ පසුගිය රජයේ ස්ථාවරය අනුවමයි. ඒක GLම කිව්වා – එජනිස මන්ත්‍රී සරත් අමුණුගම

වත්මන් රජය ද ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කටයුතු කරන්නේ පසුගිය රජය විසින් එහිදී ගත් ස්ථාවරයම මුල් කරගනිමින් බව සතුටින් ප්‍රකාශ කරන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.  ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ද සඳහන් කළ ඒ මහතා ශ්‍රී…

මතභේද ගැන කතාකරන්න මහින්ද, මෛත්‍රී , බැසිල් අද හමුවෙති

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද  (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල්…

උදයංගගේ නඩුව : විමර්ශන නිලධාරීන් මාරු කරලා. වාර්තා නෑ – විනිසුරුගේ ප්‍රශ්න කිරීමෙන් CIDයේ රෙදි ගැළවේ !

උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී ඇති මිග් යානා ගනුදෙනුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක වංචාව සම්බන්ධයෙන් වසර 5ක් තිස්සේ විමර්ශන කටයුතු කළ පොලිස් නිලධාරියාව හදිසියේ ස්ථාන මාරු කර යවා ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.  ඒ, අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් සිට පසුගිය 14 වනදා යළි මෙරටට…

‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘- වජිර අබේවර්ධන

ණය බර අඩු කරන ගමන් අපි ආර්ථිකය ශක්තිමත් කළා.වැටුප් වැඩිකළා.ජනතාවට සහන දුන්නා.ඊටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගන්න කියලා ආණ්ඩුව වෙනස් කළා.නමුත් ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය. ආර්ථිකය කඩා වැටුණු ලෝක…

MCC අධ්‍යයන කමිටු මුලික වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව එම කමිටුව විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් අයුරු. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ…

බැසිල් මහින්ද පිල හතරට කඩයි ! ; වියත්මගට, ශ්‍රීලනිපට ප්‍රහාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන පෙළ ලවා ගොටාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දිනවල එල්ලකරන ප්‍රහාර බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවන බවත් , ඔහුගේ ක්‍රියා කලාපය නිසා මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි දේශපාලන බලවේගය කණ්ඩායම් හතරක් ලෙස වෙන් වී ඇති බවත් පොදුජන පෙරමුණේ අපේ ආරංචි මාර්ග කියයි . වියත්මග…

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

  පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.   ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.   මහමැතිවරණයෙන් පසුව නව…

සමගි ජන බල­වේ­ගයේ ලකුණ අලියා-හංසයා අර්බු­ද­යක – මැති­ව­රණ කොමි­සම කරුණු පහ­දයි

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සමගි ජන බල­වේ­ග­යට අලියා හෝ හංසයා ලකුණ ලබා දීමට නම් එම ලකුණු භාවිත කරනු ලබන දේශ­පා­ලන පක්ෂ විසින් තම ලකුණ අත හැර වෙනත් ලකු­ණක් තමන්ගේ පක්ෂය වෙනු­වෙන් තෝරා ගත යුතු බවත් එසේ නෙැමති ව සමගි ජන­බ­ල­වේ­ග­යට අලියා හෝ හංසයා ලකුණ ලබා දීමට  හැකි­යා­වක් නොමැති බවත් මැති­ව­රණ කොමි­සම පව­සයි.   විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස…

වියත්මගට නාමයෝජනා නෑ, ඡන්දෙට එන්න ඕනෙ නම් පක්ෂ සාමාජිකත්වය ගන්න ඕනෑ – අමාත්‍ය තාරක බාලසූරිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ වියත්මග සංවිධානයට වෙනම නාමයෝජනා ලබාගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් එම සංවිධානයේ කවරෙකුට හෝ මහමැතිවරණයට තරග වැදීමට අවශ්‍ය නම් ඔවුන් මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ එහි සහෝදර පක්ෂයක සාමාජිකත්වය ලබාගත යුතු බවත් අමාත්‍ය තාරක බාලසූරිය මහතා අවධාරණය කරයි.  “ඔය කිව්වට වියත්මගෙන් විශාල ප්‍රමාණයක් ඉල්ලනවා කියලා මම දන්න තරමින් තාම දෙන්නයි ඉල්ලන්න…

පාර්ලිමේන්තුව විසුරුවන්න ආණ්ඩුව සහාය ඉල්ලුවා – එජාප මන්ත්‍රී ආශු මාරසිංහ

අද වනවිට දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම නිසා එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජනතාව බලවත් පීඩනයකට පත් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය. ඒ නිසා ඊට පෙර මැතිවරණය පැවැත්වීමට ඔවුන් උත්සාහ කරන බවත් යෝජනාවක් සම්මත කිරීමට සහාය වන ලෙස අවස්ථා කිහිපයකදීම එජපයෙන් ඉල්ලූ බවත් මන්ත්‍රීවරයා පැවසීය. ලෝකය…

ඇමතිලා අල්ලගන්නවත් බෑ, කේවට්ටයො ඇමතිලාට වඩා ලොක්කො වෙලා – මුරුත්තෙට්ටුවේ හිමි

ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර නිතර නිතර හමු වූ මන්ත්‍රීවරුන් පවා ආණ්ඩු බලය ලබාගෙන ඇමති තනතුරුවලට පත්වීමෙන් පසු දුරකතන මාර්ගයෙන් හෝ සම්බන්ධ කරගත නොහැකි වී ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ එය ඉතා කණගාටුදායක තත්වයක් බවයි. ඇමතිවරුන්ටත් වඩා ඔවුන් වටේ සිටින කේවට්ටයන් බලවත් වී ඇති බවත් එවැනි කේවට්ටයන් නිසා මීට පෙර ඇති අවාසනාවන්ත…