ඇමතිලා අල්ලගන්නවත් බෑ, කේවට්ටයො ඇමතිලාට වඩා ලොක්කො වෙලා – මුරුත්තෙට්ටුවේ හිමි

ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර නිතර නිතර හමු වූ මන්ත්‍රීවරුන් පවා ආණ්ඩු බලය ලබාගෙන ඇමති තනතුරුවලට පත්වීමෙන් පසු දුරකතන මාර්ගයෙන් හෝ සම්බන්ධ කරගත නොහැකි වී ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ එය ඉතා කණගාටුදායක තත්වයක් බවයි.
ඇමතිවරුන්ටත් වඩා ඔවුන් වටේ සිටින කේවට්ටයන් බලවත් වී ඇති බවත් එවැනි කේවට්ටයන් නිසා මීට පෙර ඇති අවාසනාවන්ත තත්වය යළිත් ඇතිවිය හැකි බවත් ආනන්ද හිමි අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටිනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
පෙරදී සිදු වූ ආකාරයෙන්ම වටේ සිටින කේවට්ටයන් හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා සහ රජය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදය ඇතිවීම වැලැක්විය නොහැකි බවයි ආනන්ද හිමි පෙන්වා දෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් පරෙස්සමෙන් කටයුතු කළයුතු බව ද උන්වහන්සේ පවසනවා.
2015 පරාජයෙන් පසුව දුෂ්කර කාලයේදී සිදුකළ අරගලවල පෙරමුණේ සිටි පුද්ගලයන් පසුපසට තල්ල වූ එදා දකින්නටවත් නොසිටි පුද්ගලයන් අද පෙරමුණට පැමිණ ඇති බව පෙන්වා දෙන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ එය එතරම් සුබ ලකුණක් නොවන බවයි. මෙම තත්වය තවදුරටත් පැවතුනහොත් වත්මන් ආණ්ඩුව ඉතා ඉක්මනින් ජනතාවගේ අප්‍රසාදයට පත්වනු ඇති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
UN
LANKANEWSWEB
