චන්ද ලකුණ ‘අලියා ‘ ම වේවි – ලක්ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ සන්ධානයකට භාවිත කිරීමේ හැකියාව ගැන සොයා බැලීමට ඊයේ රැස්වීමේදී තීරණය වූ බවත් , එම නීතී උපදෙස් අනුව බොහෝ විට නව සන්ධානයේ චන්ද ලකුණ අලියා ම වියහැකි බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රකාශ කොට ඇත . පක්ෂයේ ගැටුම් අවසන් බවත් සියලු දෙනා සමගිව ශක්තිමත් ලෙස ඉදිරියට යාමට තීරණය කොට ඇති බවත් ඒ මහතා කීය .
කෙසේ වෙතත් හදවත ලකුණට ඊයේ රැස්වීමේදී බරපතළ විරෝධයක් එල්ල වූ බව දැනගන්නට ඇත . එය දුර්වල ලකුණක් බවට මෙන් ම අලුත් ලකුණක් හදුන්ව දීමට යාමේදී ඇතිවන ප්රශ්න ගැන ද මෙහි දී සාකච්ඡා වී ඇත . විශේෂයෙන්ම වතුකරයේ , උතුරේ සහ ගම්බද ජනයාට නව ලකුණක් හදුන්වාදීම ප්රශ්නයකි . පසුගිය ජනාධිපතිවරනයේදී උතුරේ එතරම් පදනමක් නැති පක්ෂයකට සැලකියයුතු චන්ද ප්රමාණයක් ලැබී තිබුණේ ජනයා හංසයා වෙනුවට උකුස්සාට කතිරය ගැසීම නිසා බව කියති .
මේ නිසා මහජනයාට පුරුදු අලියා ලකුණින් තරග කිරීම වාසිදායකම තෝරාගැනීම බව බොහෝ දෙනා පෙන්වා දී ඇත .
අලියා ලකුණ යොදාගැනීමට නීතිමය බාදාවක් වුවහොත් හංසයා ලකුණ යොදාගැනීමට යෝජනා වී ඇත .
