බැසිල් මහින්ද පිල හතරට කඩයි ! ; වියත්මගට, ශ්‍රීලනිපට ප්‍රහාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන පෙළ ලවා ගොටාභය රාජපක්ෂ මහතාගේ වියත්මග සංවිධානයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දිනවල එල්ලකරන ප්‍රහාර බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවන බවත් , ඔහුගේ ක්‍රියා කලාපය නිසා මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි දේශපාලන බලවේගය කණ්ඩායම් හතරක් ලෙස වෙන් වී ඇති බවත් පොදුජන පෙරමුණේ අපේ ආරංචි මාර්ග කියයි .

වියත්මග සංවිධානයට හා ශ්‍රිලනිපට එරෙහිව ප්‍රහාර ගණනාවක් පසුගිය දිනවල ක්‍රියාත්මක විය .ඒ සියල්ල සිදුවුයේ මහ මැතිවරණයේ නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙනි .

රාජ්‍ය ඇමති තාරක බාලසුරිය මහතා ප්‍රකාශ කළේ වියත්මග කියා කිසිවකුට නාමයෝජනා දිය නොහැකි බව හා ඔවුන්ට නාමයෝජනා අවශ්‍ය නම් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත යුතු බවයි . ශ්‍රීලනිපය වෙනම තරග කළ යුතු බව ෂෙහාන් සේමසිංහ හා කනක හේරත් ඇතුළු තවත් කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ .

පොළොන්නරුවේ රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෙසේවත් නාම යෝජනා නොදිය යුතු බවයි .

මේ අතර පොදුජන පෙරමුණ වෙනම් සහ අනෙක් පක්ෂ වෙනම මහ මැතිවරණයට  තරග කළ යුතු බවට බැසිල් කණ්ඩායමෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවක් නිසා දිනේෂ් , විමල් , වාසු , ගම්මන්පිල ආදීන් නියෝජනය කරන කුඩා පක්ෂ ද කලකිරීමට පත්ව ඇත .

මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි බලවේග පොදුජන පෙරමුණ , ශ්‍රීලනිප , වියත්මග හා කුඩා පක්ෂ ලෙස බෙදී ඇති බව පැහැදිලිව දැකිය හැකිය . මෙය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන දේශපාලන ගේමක් බව පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *