සමගි ජන බල­වේ­ගයේ ලකුණ අලියා-හංසයා අර්බු­ද­යක – මැති­ව­රණ කොමි­සම කරුණු පහ­දයි

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සමගි ජන බල­වේ­ග­යට අලියා හෝ හංසයා ලකුණ ලබා දීමට නම් එම ලකුණු භාවිත කරනු ලබන දේශ­පා­ලන පක්ෂ විසින් තම ලකුණ අත හැර වෙනත් ලකු­ණක් තමන්ගේ පක්ෂය වෙනු­වෙන් තෝරා ගත යුතු බවත් එසේ නෙැමති ව සමගි ජන­බ­ල­වේ­ග­යට අලියා හෝ හංසයා ලකුණ ලබා දීමට  හැකි­යා­වක් නොමැති බවත් මැති­ව­රණ කොමි­සම පව­සයි.   විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සභා­ප­තී­ත්වය දරන “සමගි ජන බල­වේ­ගය“ ඉදිරි මහා මැති­ව­ර­ණ­යට තරග කිරී­මේදී භාවිත කරන පක්ෂ ලාංඡ­නය සම්බ­න්ධ­යෙන් නීති­මය තත්ත්වය ගැන තොර­තුරු දැන ගැනී­මට එම පක්ෂයේ මහ ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැති­ව­රණ කොමි­සමේ නිල­ධා­රීන් හමු වු අව­ස්ථාවේ දී එම නිල­ධා­රීන් මේ බව සඳ­හන් කර තිබේ.  

පව­තින දේශ­පා­ලන පක්ෂ­යක නමක් වෙනස් කිරී­මට ඕනෑම අව­ස්ථාව හැකි­යා­වක් තිබුණ ද පක්ෂයේ සල­කුණ වෙනස් කිරී­මට හැකි­යා­වක් ඇත්තේ මැති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත්කර සති­යක් ඇතු­ළත දී බව එහිදී රන්ජිත් මද්දුම බණ්ඩාර මහ­තාට කොමි­සම විසින් පැහැ­දිලි කර දී ඇත. එසේම නව සල­කුණ ලෙස තෝරා ගැනී­මට හැකි­යාව ඇත්තේ මැති­ව­රණ කොමි­සමේ ඇති සල­කුණු අත­රින් එකක් වන අතර එම සල­කුණු ද පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ විසින් භාවිත නොක­රන සල­කු­ණක්ද විය යුතු බව ද පෙන්වා දී තිබේ.   

මේ අතර 2020 වසර සඳහා මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි වීමේ අපේ­ක්ෂා­වෙන් නව දේශ­පා­ලන පක්ෂ 60 ක් පමණ මේ වන විට අය­දු­ම්පත් යොමු කර ඇතැයි ද මැති­ව­රණ කොමි­සමේ නිල­ධා­රි­යෙකු පැවැ­සීය. නව දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිංචි කිරී­මට අය­දු­ම්පත් භාර ගැනීම් පසු­ගිය 18 වෙනිදා ආරම්භ වූ බවත් අද (17) දින­යෙන් අය­දු­ම්පත් භාර ගැනීම් අව­සන් වන බවත් ඔහු කීවේය.   

මේ වන විට මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිං­චි­කර ඇති පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ ගණන 70 කි. දේශ­පා­ලන පක්ෂ­යක් පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි කිරීමේ දී ප්‍රධාන නිර්නා­යක කිහි­ප­යක් සැළ­කි­ල්ලට ගන්නා බවද එම නිල­ධා­රියා සඳ­හන් කළේය. ඒ අතර ප්‍රධාන සාධ­කය වන්නේ වසර හත­රක් එම දේශ­පා­ලන පක්ෂය ක්‍රියා­කාරී තත්ත්වයේ පැවැ­තීම, වස­රින් වසර නිල­ධාරී මණ්ඩ­ලය යාව­ත්කා­ලීන කිරීම සහ අභ්‍ය­න්තර විග­ණ­න­යක් සිදු­කර තිබීම යන කාරණා බව ද එම නිල­ධා­රියා පැවැ­සීය.   

මේ කාරණා ඇතුළු කොන්දේසි රැසක් මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි වීමට දේශ­පා­ලන පක්ෂ­ව­ලට සැපි­රිය යුතු බවත් අය­දු­ම්පත් යොමු­කළ දේශ­පා­ලන පක්ෂ නිල­ධා­රීන් ඉදි­රි­යේදී කොමි­ස­මට කැඳ­ව­මින් එම කොන්දේසි සම්පූ­ර්ණ­දැයි පරීක්ෂා කිරී­මක් කරන බවත් එම නිල­ධා­රියා කීය. අය­දු­ම්කළ දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිංචි කරන්නේ අන­තු­රුව බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සද­හන් කළේය. 

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *