සයින්දමරුදු නගර සභාව මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක්, ආණ්ඩුව උගුලට අහු උණා – වසන්ත බණ්ඩාර

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ඒකකයක් පිහිටුවීම මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා. එය දශක ගණනාවක් තිස්සේ මුස්ලිම් බෙදුම්වාදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පළමු වරට මෙම ප්‍රදේශයට වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියේ 1987 වසරේදී බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
පළාත් සභා පිහිටුවීමෙන් පසුව උතුරු-නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීමේදී මුස්ලිම් ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ වෙන්කර එම ප්‍රදේශ දකුණු නැගෙනහිර ලෙස වෙනම පළාත් සභාවක් පිහිටුවන ලෙස මුස්ලිම් කොන්ග්‍රසය ඉල්ලා සිටි බවත් එම දකුණු නැගෙනහිර පළාත් සභාවේ තීරණාත්මක භූමිය සයින්දමරුදු ප්‍රදේශය බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
බෙදුම්වාදය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ හරහා මුස්ලිම් බෙදුම්වාදීන්ට දිනාගත නොහැකි වූ ඉල්ලීම් වත්මන් ආණ්ඩුව යටතේ දිනා ගැනීමට ඔවුන් සමත් වී සිටින බව පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුස්ලිම් බෙදුම්වාදීන්ගේ උගුලේ සිර වී ඇති බවයි.
UN
LANKANEWSWEB
