ව්‍යවස්ථාව කුණුකූඩයට දමා ගෙනයන පාලනයක් – කේ ඩබ්ලිව් ජනරන්ජන

ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් මේ දිනවල පාලනය ගෙනයන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණුකූඩයට දමාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කැඳවුණු උපදේශක සංඝයා, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් නම් කිසිම දෙයක් කරන්නට එපා ජනාධිපතිතුමා’යැයි උපදෙස් දෙද්දීත්, ජනාධිපතිවරයා දැන් පාලනය ගෙනයන්නේ එම ‘යතිවර අවවාදයට’ද නිගා කරමින්, ව්‍යවස්ථාවට පිටතිනි. අපේ‍්‍රල් 30 වැනිදායින් පසු ගතවන මේ දිනවල, කොරෝනා වසංගතය මැඬලීම වෙනුවෙන් රාජ්‍ය මුදල් සතයක්වත්…

කොරෝනා 8 වන මරණය වාර්තා වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි. ඇය 72 හැවිරිදි වියේ පසු වූ අතර, කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.

තහවුරු වූ කොරෝනා රෝගීන් 718 කින් 324 ක් නාවික හමුදාවෙන්

අද උදේ වනවිට හඳුනාගෙන තිබු කොව්ඩ් 19 රෝගීන් 718ක් අතුරින් 324ක් ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් හා එම භටයන් ඇසුරු කළ අය අතරින් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග වාර්තා කරයි. වැලිසර කඳවුරේ සිටි භටයින් 200 කට වැඩි  පිරිසක් , නිවාඩු ලබා ගම්වලට ගොස් සිටි නාවික භටයින් සියයක් පමණ සහ ඔවුන්ගෙන් රෝගය අසාදනය වූ පිරිසක් මෙම…

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති

මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දුන්නේය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බව ද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට උපදෙස් ද ලබාදී ඇත. මහ…

කොවිඩ්19 බලපෑම! රටවල් 66කින් ලංකාව 61ට!

කොවිඩ්19 ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ‘ ද ඉකොනොමිස්ට් ‘ සඟරාව කළ ශ්‍රේණි ගත කිරීමට අනුව ලංකාව රටවල් 66කින් 61 වැනි තැනට පත්ව තිබේ. නැගී එන ආර්ථිකයන් හිමි රටවල් 66ක ආර්ථික මට්ටම් මෙහිදී විශ්ලේෂණය කර ඇති අතර රාජ්‍ය ණය, විදෙස් ණය, ණය ගැනීමේ හැකියාව හා සංචිත ආරක්ෂණය යන අංග යටතේ මෙම සලකා බැලීම කර තිබෙනවා….

65 පරිප්පු 180 දක්වාත් 100 සැමන් 250 දක්වාත් ඉහළට !

පරිප්පු සහ ටින් මාළු සඳහා පණවා තිබුණු පාලන මිල ගැසට් නිවේදනයක් මඟින්ම ඉවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වාත් ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 250 දක්වාත් ඉහළ ගොස් තිබේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයක් මඟින් පරිප්පු මිල රුපියල් 65 දක්වාත් සැමන් ටින් එකක…

අද තව කොරෝනා රෝගීන් දහයක් එකතුවෙයි; දවසට 16 යි; එකතුව 718 යි

අද රාත්‍රී 11.00 වනවිට තවත් කොරෝනා  රෝගීන් 10ක් වර්ත වීමත් සමග අද දිනයේ වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 16ක් දක්වා ඉහල ගීයේ ය. ඒඅනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 718 ක් වීය.

ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ගන්න දෙන්න බෑ. මහින්දගේ රැස්වීමට එජාපය යන්නෙත් නෑ – රවී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කළ තත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය ද එම රැස්වීමට සහභාගී නොවීමට තීරණය කළ බව එජාප උපනායක රවී කරුණානායක මහතා පවසයි.  “අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඊයේ (02) දිනය වෙනතෙක්ම හිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව අවධාරණය…

කොරෝනා නිසා වැටුප් දෙන්න බැහැලු – ශ්‍රීලන්කන් සේවකයන් 400ක් වැටුප් නැතිව මාස තුනක් නිවාඩු යවලා

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු අඩපණ වීම හේතුවෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු ලබා දී තිබේ.  ඒ අනුව මැයි,ජූනි සහ ජූලි යන මාස තුනම එම සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ගන්වා ඇත.  පසුගිය 24 වැනි දින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු…

කොරෝනා රෝගීන් 708 යි; අද අලුතින් 6 යි

අද රාත්‍රී වනවිට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු අලුතින් වාර්තා වී ඇත. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516 ක් වේ.  මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති…

මහින්දගේ අද රැස්වීමට එජාපයත් නෑ; පරණ හිටපු මන්ත්‍රීවරුත් ගෙන්වීමට විරෝධය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම  වර්ජනය   කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. අගමැතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාට අමතරව ඊට පෙර විශ්‍රාමික සියලු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අරාධනා කර තිබෙන බව කී මහලේකම් වරයා මෙවැනි රැස්වීමකදී අර්ථවත්…

මැයි 11න් කොරෝනා අවසන් කතාවක් මා කීවේ නෑ. සමාජෙයෙන් රෝගීන් හමුවීම බිංදුවයි කියන්නත් බෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඇතැම් මාධ්‍යවල පළවී ඇති පුවත් පරිදි මැයි 11 වනදායින් මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවසන් වන බවට ප්‍රකාශයක් තමන් නිකුත් නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.  “මැයි 11 වෙනකොට කොවිඩ් 19 අවසන් කියලා එහෙම ප්‍රකාශ නම් මම ලබාදීලා නෑ. මම දන්නෑ කොහොමද මාධ්‍ය වාර්තා පළවෙලා තියෙන්නෙ කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා නාවික…