තහවුරු වූ කොරෝනා රෝගීන් 718 කින් 324 ක් නාවික හමුදාවෙන්

අද උදේ වනවිට හඳුනාගෙන තිබු කොව්ඩ් 19 රෝගීන් 718ක් අතුරින් 324ක් ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් හා එම භටයන් ඇසුරු කළ අය අතරින් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග වාර්තා කරයි.
වැලිසර කඳවුරේ සිටි භටයින් 200 කට වැඩි පිරිසක් , නිවාඩු ලබා ගම්වලට ගොස් සිටි නාවික භටයින් සියයක් පමණ සහ ඔවුන්ගෙන් රෝගය අසාදනය වූ පිරිසක් මෙම සංඛ්‍යාවට ඇතුලත් ය.
එමෙන් ම තවමත් දිනපතා වාර්තාවන රෝගීන් සියලු දෙනාම පාහේ වැලිසර නාවික කඳවුරේ භටයින් හෝ ඔවුන් මගින් රෝගය ආසාදනය වුවන් බව ද කියති.
සෞඛ්‍ය සේවාවන් විසින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් රෝග පොකුරු 31 කින් 30ක් ම මේ වනවිට නිවා දමා අවසන් බව කියති . එසේ වුව ද වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ 31 වන පොකුර සෞඛ්‍ය සේවාවන්ට බරපතළ අභියෝගයක් වී තිබේ.
