ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ගන්න දෙන්න බෑ. මහින්දගේ රැස්වීමට එජාපය යන්නෙත් නෑ – රවී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කළ තත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය ද එම රැස්වීමට සහභාගී නොවීමට තීරණය කළ බව එජාප උපනායක රවී කරුණානායක මහතා පවසයි.
“අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඊයේ (02) දිනය වෙනතෙක්ම හිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව අවධාරණය කිරීමේ අවස්ථාවක් හැටියට, ඒක කතා කරන වේදිකාවක් හැටියට මැයි 04 වෙනිදා රැස්වීමට අපි සහභාගී වෙනවා කියන ස්ථාවරයේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපේ කැපවීම අනුව අපි අවංකව ගත්තු තීරණයක් ඒක.

ඒත් මේ වෙනකොට ඒ රැස්වීම එහෙම දෙයක් වෙනුවෙන් කැඳවන එකක් නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව විසින්ම. 2000 වසර දක්වාම පාර්ලිමේන්තුවේ හිටපු විශ්‍රාමික මන්ත්‍රීවරුන්ටත් එන්න කියපු එකෙන් ඒක පැහැදිලියි. මෙතන මේ කොරෝනා මර්ධනය ගැනවත් පාර්ලිමේන්තුව නැවත කැඳවීම ගැනවත් කතා කරන්න නෙවෙයි, මේ ගොල්ලො සාදයක් පවත්වන්න මේ සූදානම් වෙන්නෙ.
ඉතිං ඒනිසා අපි මේකට සහභාගී නොවෙන්න අද තීරණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක විහිළුවකට ගන්න ඉඩදෙන්න අපට බෑ. අපි ස්ථිරවම කියනවා එජාපය මේ රැස්වීමට සහභාගී වෙන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
LANKANEWSWEB
