ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 1835 දක්වා ඉහළට

 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මේ වනවිට 1835 දක්වා ඉහළ ගොස් තිබේ.   ඒ ඊයේ  තවත් ආසාධිතයන් 21 දෙනෙකු මෙරට දී හඳුනාගැනීමත් සමගයි. අලුතින් හඳුනාගත්  සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අය බව වාර්තා වෙයි.   ඉන් 16 දෙනෙකු කුවේට් සිටද , 02 දෙනෙකු එංගලන්තයේ සිටද, 02 දෙනෙකු කටාර් සිටද එක් අයෙකු බංග්ලාදේශයේ සිටද…

පසුගිය රජයේ සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.    රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.   ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සදහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයින් නිවැරදිව සම්පූර්ණ කරන ලද…

නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්න අපට බැහැ – දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු

හෙට සිට දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් , එහිදී පසුගිය දිනවල ක්‍රියාත්මක කළ පරිදි ආසන ගණනට මගීන් ගෙනයාම , මගීන් දෙදෙනකු අතර මීටරයක දුර පවත්වා ගැනීම වැනි නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි . විශාල මගී සංඛ්‍යාවක් දුම්රියේ ගමන් කිරීමත් , නාගරිකව ධාවනය…

මම කීවේ වංචනිකයින්ට ඡන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුව තොප්පිය දාගෙන නම් මට කරන්න දෙයක්නෑ – මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්

තමන් ප්‍රකාශ කළේ වංචනිකයින්ට ඡන්දය නොදෙන ලෙස බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ තොප්පිය දාගන්නේ නම් තමන්ට කරන්නට දෙයක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසයි.  ඒ මහතා මේ බව පවසා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන්නැයි හූල් මහතා දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇති බවට ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් පළකර…

ඇඳිරි නීතිය තව ලිහිල් වෙයි

හෙට සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 11.00 සිට පසුදා පෙ ව 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම වේලාවන් මුළු දිවයිනට ම වලංගු ය.

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1800 ක් වෙයි

මෙරටින් හමුවූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1800 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය කියයි. විදේශවල සිට පැමිණෙන අය අතරින් හා නාවික හමුදා පොකුරෙන් දිගින් දිගට රෝගීන් හමුවන බව වාර්තා වෙයි.

සරත් වීර බණ්ඩාරට යන්නම වෙයි ;කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පත්කරයි

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර එහි වැඩ බැලීම සඳහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා පත්කර තිබේ. ඒ අනුව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමය පරිදි අද (05) එම තනතුරෙහි වැඩ බාර ගෙන ඇත. වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කුරුණෑගල…

අද සවස වනවිට අලුත් කොරෝනා ආසාදිතයින් 40 ක් ; 36 ක් ම නාවික හමුදාවෙන්

අද සවස වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 40 ක් අලිතින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අතරින් 36 ක් ම නාවික හමුදා භටයින් බව වාර්තා වෙයි. මේ වනවිට රටේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1789 ක් දක්වා ඉහල ගොස් ඇත.

සජිත් පිලට සහාය ප්‍රකාශ කළ මහරගම නගර සභික 9 දෙනා එජාපෙන් ඉවත්කරයි

මෙම මහ මැතිවරණයේ දී එජාපයට සහාය නොදෙන බව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ මහරගම නගර සභාවේ එජාප සභිකයන් නව දෙනා පක්ෂයෙන් හා තනතුරුවලින් ඉවත් කොට අලුත් අය පත් කරන බව එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි . මැතිවරණයේ දී එජාපයට එරෙහි  වන සියලු දෙනා  පක්ෂ විනය උල්ලංඝනය කළ සේ සලකා ක්‍රියා…

ඉතාලිය කොරෝනා පාලනය කරයි ; ගමන් බිමන් තහංචි ඉවත්කරයි

කොවිඩ් 19 වසංගතයට දරුණු ලෙස ගොදුරු වූ රටක් ලෙස සැලකෙන ඉතාලිය එම වසංගත තත්ත්වය පාලනය කර ඇති බව පසුගිය දා ප්‍රකාශ කරමින් දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් පනවා තිබු තහනම් ඉවත් කිරීමට කටයුතු කළේ ය. ඉතාලියේ පනවා තිබු අගුළු දැමීමේ ක්‍රියාමාර්ගවල අවසන් අවස්ථාව ලෙස ඉතාලි රජය මෙම අවස්ථාව හඳුන්වා තිබිණි . කෙසේ වෙතත් ඉතාලි සෞඛ්‍ය…

ඊයේ ආසාදිතයින් 66ක් ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1749 යි

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදීතයන්ගේ සංඛ්‍යාව 66 ක් බව වාර්තා වෙයි . ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහල ගොස් ඇත . ශ්‍රී ලංකා නාවික හමුදා භටයින් අතරින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 31 කි . කොරෝනා මර්ධන කාර්ය සාධන බලකා ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේ නාවික හමුදා…

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැ. කො. සභාපතිට අද භාර දුන්නා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශ අද(03) නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශයන්ට අනුකූලව තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබදව, තැපැල් ඡන්දය සදහා කුමන රාජ්‍ය සේවකයන් සහභාගි කර ගත යුතු ද යන්න, ඡන්ද රැස්වීම් පැවැත්විය යුතු…