නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්න අපට බැහැ – දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු

හෙට සිට දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් , එහිදී පසුගිය දිනවල ක්‍රියාත්මක කළ පරිදි ආසන ගණනට මගීන් ගෙනයාම , මගීන් දෙදෙනකු අතර මීටරයක දුර පවත්වා ගැනීම වැනි නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි .
විශාල මගී සංඛ්‍යාවක් දුම්රියේ ගමන් කිරීමත් , නාගරිකව ධාවනය කෙරෙන බොහෝ දුම්රියවල පහසුකම් සලසා ඇත්තේ වාඩි වී යාමට නොව සිටගෙන යාමට වීමත් නිසා ඉහත කී නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් නැති බව දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා කියයි.
කෙසේ වෙතත් එම නිරෝධායන නීති පිලිපදින ලෙස තමා මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසී ය.
දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා මේ අදහස් ප්‍රකාශ කළේ පෞද්ගලික රුපවාහිනී සේවාවක වැඩ සටහනකට අද එක් වෙමිනි .
ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේ දුම්රියෙන් දිනකට මගීන් දෙලක්ෂ පනස් දහසක් ගමන් කළ ද ආසන පහසුකම් ඇත්තේ විසිපන්දහසකට පමණක් බව යි .
