හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමටත්,මහජන සේවා සැපයීමටත් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයකින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර…

ගිනිතැබූ නිවෙස රනිල් අතහරී ; කෞතුකාගාරයක් කරයි !

ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් ගිනිතබා විනාශ කොට ඇති තම නිවෙස නැවත ඉදි නොකිරීමටත් , නැවත එම ස්ථානයේ පදිංචියට නොයාමටත් තීරණය කොට ඇති වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානය දේශපාලන ප්‍රචණ්ඩත්වයේ විනාශය පෙන්වන කෞතුකාගාරයක් බවට පත් කිරීමට අදහස් කොට ඇති බව එජාප  ආරංචි මාර්ග කියයි. අන්තිම කැමති පත්‍රයෙන් රාජකීය විද්‍යාලයට පවරා තිබු මෙම දේපළ ගැන වික්‍රමසිංහ…

රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ සංවිධායකගේ පුතා රටින් පනී?

  වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි…

‘‘රනිල් යටතේ අගමැති ධූරය ගන්නේ නෑ‘‘ – සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

  රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගැනීමට කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (17) පැවසීය. සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. අනුප්‍රාප්තික ජනාධිපති…

අර්ගලකරුවන්ගේ මහජන කවුන්සිලය රනිල් පිළිගනියි ; දුෂණ මැඩලීමේ වැඩ සටහනකුත් දෙයි

  සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. එමෙන්ම දුෂණය මැඩලීම සඳහා තමා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියි. අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වැඩබලන ජනාධිපතිවරයා එම කාරණා සඳහන්…

කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට TNA ඇතුළු අපි 11කගේ සහාය නෑ – විග්නේෂ්වරන්

තමන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්ද ප්‍රකාශ නොකිරීමට තීරණය කර ඇති බව සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. “කාටවත් ඡන්දෙ දෙන්නෙ නැතුව නියුට්‍රල් හැටියට ඉන්නයි අපේ බලාපොරොත්තුව. මොකද අපි අපට ඕනෙ දේවල් එක එක ආණ්ඩුවලින් අහලා, අද වෙනකල් කිසිදෙයක් වෙලා නෑ….

ජනතාවගේ අරගලය අවසන් ; රනිල් එළවීම “වොයිස් කට්” අරගලයක් පමණයි – එජාප නායකයෝ කියති

  ගාලු මෝදර පිටියේ අරගලය වටා පෙළගැසුණු ජනතාවගේ සැබෑ අරගලය ජයගෙන අවසන් බවත්, දැන් ඇතැම් කණ්ඩායම් රනිල් එළවීම සඳහා මාධ්‍ය ඔස්සේ කරන “වොයිස් කට් ” සටනට ජනතා සහභාගීත්වයක් නැති බව තමන් නිරීක්ෂණය කොට ඇති බවත්, එජාප නායකයෝ කියති. ගෝටාගෝගම වෙත නිරන්තරයෙන් ඇදී ආ දස දහස් සංඛ්‍යාත ජනයා මැයි 13 දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවීමත් සමග…

රනිල්ට ඡන්ද 140 ක් – එජාප සභාපති වජිර අබේවර්ධන

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය පැවැත් වූවොත් මන්ත්‍රීවරුන් 140ක් වැඩි ප්‍රමාණයක චන්ද හිමි කර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. තමන් මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සෙසු පක්ෂවල පිරිස් සමගත් සාකච්ඡා පවත්වන ලද බවද ඔහු තවදුරටත් කියා සිටියි. නමුත් අවසන් මොහොතේ දී ඡන්ද…

අරගල භූමියේත් රනිල්ගේ කණ්ඩායම් ඉන්නවා – ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ

  අරගලය තුළට රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම් ඇතුළු කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි අරගලය අල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව ද පවසයි මිනිසුන්…

ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

  ජනාධිපති ධූරය සදහා  ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට  ඡන්දය නොදෙන බව   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තීරණය කර ඇතැයි එම පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම  සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත. (සුජිත් හේවාජුලිගේ ) ලංකාදීප

රන්ජන්ට නිදහස ?

    සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත. මෙහිදී වැඩබලන ජනාධිපති වරයා …

විනාඩි 13 කට පාර්ලිමේන්තුව රැස් වී ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

  ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇති බව නිල වශයෙන් දැන්වීමට අද පවත් වූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 13 කට සීමා වූ අතර ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දීම එහිදී සිදුකරනුලැබීය. ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා දුන්නොත් ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී…