ජනතාවගේ අරගලය අවසන් ; රනිල් එළවීම “වොයිස් කට්” අරගලයක් පමණයි – එජාප නායකයෝ කියති

 

ගාලු මෝදර පිටියේ අරගලය වටා පෙළගැසුණු ජනතාවගේ සැබෑ අරගලය ජයගෙන අවසන් බවත්, දැන් ඇතැම් කණ්ඩායම් රනිල් එළවීම සඳහා මාධ්‍ය ඔස්සේ කරන “වොයිස් කට් ” සටනට ජනතා සහභාගීත්වයක් නැති බව තමන් නිරීක්ෂණය කොට ඇති බවත්, එජාප නායකයෝ කියති.

ගෝටාගෝගම වෙත නිරන්තරයෙන් ඇදී ආ දස දහස් සංඛ්‍යාත ජනයා මැයි 13 දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවීමත් සමග විශාල වශයෙන් අඩු වූ බවත්, නැවතත් ජනයා ජුලි 9 සහ 13 දිනවල පැමිණියේ පොරොන්දු වූ පරිදි ගෝටාභය ජනාධිපතිතුමා බලය අත   නොහැර දිගටම බලයේ සිටින්නට උත්සහ දරු නිසා ඇති වූ කෝපය මත බව ඔවුහු කියති.

කෙසේ වෙතත්, ගෝටාභය ජනාධිපති ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස දිව්රුම් දුන් පසු, අරගලයට සහය දුන් සාමාන්‍ය ජනයා තව දුරටත් දක්නට නැති බවත් කියති.

දැන් තිබෙන්නේ අන්තවාදී සහ වාමාංශික කණ්ඩායම් සහ විපක්ෂයේ පිරිසක් මාධ්‍ය හරහා ක්‍රියාත්මක කරන “වොයිස් කට් ” සටනකි.  එයට පොදු මහජනයාගේ සහයක් නැති බව එජාප නායකයින්ගේ තක්සේරුව වී තිබේ.

එමෙන් ම මෙම තත්ත්වය තුළ අරගලයේ කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වී ඇති අතර ඒවා ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වී තිබේ.

දැන් ඇති “වොයිස් කට් ” අරගලයට දිගුකල් පැවැත්මක් නැති බව එජාප ප්‍රබලයින්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *