විනාඩි 13 කට පාර්ලිමේන්තුව රැස් වී ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

 

ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇති බව නිල වශයෙන් දැන්වීමට අද පවත් වූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 13 කට සීමා වූ අතර ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දීම එහිදී සිදුකරනුලැබීය.

ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා දුන්නොත් ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට පැවසීය.

එම නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව පැවැත්වුණු කාලය අද විනාඩි 13කට සීමා විය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය  තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණු අතර ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය මෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනපති තෝරන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තබන බව කතානායකවරයා  ප්‍රකාශයට පත් කළේය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *