අර්ගලකරුවන්ගේ මහජන කවුන්සිලය රනිල් පිළිගනියි ; දුෂණ මැඩලීමේ වැඩ සටහනකුත් දෙයි

සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
එමෙන්ම දුෂණය මැඩලීම සඳහා තමා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියි.
අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වැඩබලන ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
ඒ අතර පසුගිය දා ජාතිය අමතා කළ කතාවේ දී ජනාධිපතිතුමා කීවේ විධායක ජනාධිපති බලය සීමා කළ 19 සංශෝධනය යලි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.
