ආර්ථික ප්‍රතිසංස්කරණ : වැඩිම විශ්වාසය නන්දලාල්ට ; ජනාධිපති රනිල්ට දෙවැනි තැන

    ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව ඇති බවත්  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය  ප්‍රතිශතයක් ලෙස…

විදුලි බිල වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට අවසර දෙන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

‘     විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ  කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බව යි. අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කී ය….

මෛත්‍රී කඳවු රැස්වීම සන්ධානයේ පක්ෂ ර්වජනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැඳවා තිබු එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම එම සන්ධානයේ ප්‍රධාන පක්ෂ විසින් ර්වජනය කොට ඇති බව වාර් තා වෙයි. එම සන්ධානයේ අනෙක් ප්‍රධාන පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනතා කොන්ග්‍රසය මෙලෙස අද රැස්වීම ර්වජනය කොට…

මැද පෙරදිග රටවල සහය ශ්‍රී ලංකාවට නැතිකළේ ජනමාධ්‍ය යි – විදේශ ඇමති අලි සබ්‍රි

  කොවිඩ් 19 මරණ ආදාහනය කළ යුතු බවට අවිද්‍යාත්මක මතයක් සමාජ ගත කරමින් මැද පෙරදිග රටවල සහය ශ්‍රී ලංකාවට නැත්තට නැති කළේ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ජනමාධ්‍ය විසින් බවට විදේශ ඇමැති අලි සබ්රි මහතා අද පාර් ලිමෙන්තුවේ දී චෝදනා කළේය. ජනමාධ්‍ය මෙම ප්‍රචාරය ගෙන ගියේ ලෝකයේ අනෙක් රටවල්, ලෝක සෞඛ්‍ය සංවිධනය සහ විද්‍යාත්මක සාක්ෂි ද…

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස්

  නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල්…

|

මෙරට උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අද (30) නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක අගය නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා පහළ ගොස් ඇත. මේ ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති  85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ…

IMF මූල්‍ය සහනය ගැන සුබ ආරංචියක් – ජනවාරි සිට රට ගොඩ යනු ඇති බව ආචාර් ය කුමාරස්වාමි කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය එලඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. “CT- CLSA දකුණු අසියානු ආයෝජන සමුළුව” අමතමින් ඔහු ප්‍රකාශ කළේ දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලාංකික වැඩසටහනක් බවය….

මහපොළ ප්‍රතිලාභ වැඩි කරනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බව කී අමාත්‍යවරයා දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන බව ඒ මුදල තවත් වැඩි කරන්නට අප කටයුතු කරන බවද…

|

බැංකු පොලී අනුපාත පහළට – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

    ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ බැංකු පොලී අනුපාතික ඉදිරි දිනවල පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොදගේ මහතා ප්‍රකාශ කරයි. තැන්පතු සඳහා බැංකු අතර තරඟ කිරීම නවත්වන ලෙස මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා බැංකුවලට පසුගිය දා උපදෙස් දීමෙන් මේ බව පැහැදිලි වන බව ඒ…

|

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර් ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ…

බැසිල්ගේ ඇමැති මණ්ඩල යෝජනාවට රනිල් නැවතත් බැහැ කියයි

  පොදුජන පෙරමුණේ ප්‍රබලයින් ඇතුළත් ඇමැති මණ්ඩලයක් දෙසැම්බර් 8 වැනිදාට පෙර පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි. පසුගිය දිනක දෙදෙනා අතර සිදුකරන ලද සංවාදයක දී මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුව තිබේ. විපක්ෂයෙන් ආණ්ඩුවට එකතුවීමට…

මෛත්‍රී කැඳවූ විධායක සභාව අමරවීර තහනම් කරයි

  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට  (30) පස්වරුවේ  කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා තිබේ. තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්…