මැද පෙරදිග රටවල සහය ශ්‍රී ලංකාවට නැතිකළේ ජනමාධ්‍ය යි – විදේශ ඇමති අලි සබ්‍රි

 

කොවිඩ් 19 මරණ ආදාහනය කළ යුතු බවට අවිද්‍යාත්මක මතයක් සමාජ ගත කරමින් මැද පෙරදිග රටවල සහය ශ්‍රී ලංකාවට නැත්තට නැති කළේ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ජනමාධ්‍ය විසින් බවට විදේශ ඇමැති අලි සබ්රි මහතා අද පාර් ලිමෙන්තුවේ දී චෝදනා කළේය.

ජනමාධ්‍ය මෙම ප්‍රචාරය ගෙන ගියේ ලෝකයේ අනෙක් රටවල්, ලෝක සෞඛ්‍ය සංවිධනය සහ විද්‍යාත්මක සාක්ෂි ද ඊට වෙනස් තත්ත්වයක් පිළිගෙන තිබිය දී බවත්, මුළු කැබිනට් මණ්ඩලයම එයට එරෙහි වුව ද ජනමාධ්‍ය ප්‍රචාර හමුවේ ප්‍රසිද්ධියේ කතා කිරීමට සියලු දෙනා පැකුලුනු බවත්, ඇමතිවරයා කී ය.

මේ හේතුව නිසා මැද පෙරදිග රටවල සහය අප රටට අහිමි වී ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

විදේශ අමාත්‍යංශය වය ශීර්ෂය සම්බන්ධ අයවැය විවාදයට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *