මෛත්‍රී කඳවු රැස්වීම සන්ධානයේ පක්ෂ ර්වජනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැඳවා තිබු එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම එම සන්ධානයේ ප්‍රධාන පක්ෂ විසින් ර්වජනය කොට ඇති බව වාර් තා වෙයි.

එම සන්ධානයේ අනෙක් ප්‍රධාන පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනතා කොන්ග්‍රසය මෙලෙස අද රැස්වීම ර්වජනය කොට ඇත.

අද පවත්වන රැස්වීම ව්‍යවස්ථානුකුල ලෙස කැඳවා නැති නිසා එයට සහභාගී නොවන බව එම පක්ෂ දැනුම් දී තිබු බව කියති.

සන්ධානයේ මහ ලේකම් තමා බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවන රැස්වීම නීත්‍යනුකුල නොවන බවත්, ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ දැනුම් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *