‘මේක රිස්ක් එකක් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි’ – කිෂාන් තියඩෝර් – එජාප ර්පයේෂණ අංශය

රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී ආර්ථිකය අඩපන කෙරෙන කිසිඳු අකාරයේ අවදානමක් නොගත යුතුබව එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය අවධාරණය කර සිටියි. එජාප අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ (ETR) අංශ ප්‍රධානී ප්‍රකට ව්‍යවසායක කිෂාන් තියඩෝර් එබව කියා සිටියේ, අර්බුදයෙන් හා පසුගිය සමාජ දේශපාලනික ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවමින් සිටින මේ…

හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු – අජිත් පැරකුම් ජයසිංහ

  මේ තරම් දරුණු ආර්ථික අර්බුදයක් මැද පවා දිනකට කෝටි ගණනින් මැතිවරණ සඳහා වැය කළ හැකි දේශපාලන පක්ෂ තිබීම විස්මයජනකය. මැතිවරණ ප්‍රචාරක කටයුතු යනු අති විශාල ලෙස කාලය ද විනාශ කරදැමීමකි. ඉතා නොගැඹුරු අදහස්, වහසි බස් හා පොරොන්දු මැතිවරණ වේදිකාවල පුනරුච්චාරණය කරන අතර වේදිකා පහළ සිට හා ජනමාධ්‍ය හරහා ජනයා සරල විනෝදාස්වාදයක් ලබති. මුළු ජීවිතයම…

බදු ගෙවූ විට වැටුප් ඉතිරි නොවන කතා බොරු ; පළමු ලක්ෂයට කිසි ම බද්දක් නැහැ

  උපයන විට බදු ගෙවීමේ දී කෙනෙකු කොපමණ අදායමක් ලැබුවත් පළමු ලක්ෂය සම්පුරණයෙන් බදුවලින් නිදහස් කොට ඇති බැවින් බදු ගෙවූ විට වැටුප් ඉතිරි නොවන බව කීම සම්පුර්ණ අසත්‍යයක් බව බදු ප්‍රතිපත්ති උපදේශකයෝ කියති. දශ ලක්ෂ ගණනක් ආදායම් ඇති අයෙකුට වුවත් පළමු ලක්ෂයට බදු අය නොකරන බව ඔව්හු පෙන්වා දෙති. බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය…

|

රට ගොඩ ගත හැකි රහස සජිත් හෙළිකරයි

  ර්අබුදයට මුහුණ දී ඇති රට ගොඩ ගත හැකි ක්‍රමය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කොට තිබේ. ඒ මහතා කියා ඇත්තේ රට ගොඩ ගත හැකි එක ම ක්‍රමය ආර්ථිකය ශක්තිමත් කිරීම බවයි. මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම කරුණ හෙළිදරව් කොට තිබේ.  

උපයන විට බදුවලට සජිත්, අනුර කිසිදු විකල්පයක් ඉදිරිපත් කළේ නැහැ – ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව

  බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව කළ සාකච්ඡාවල දී සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා හෝ කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකළ බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ තමන් සමග පසුගිය කාලයේ පැවති සාකච්ඡා වල දී මෙම බදු ප්‍රතිසංස්කරණ හැර වෙනත් මගක් නැති බව සියලු දෙනා පිළිගත් බවයි. වෘත්තිකයන්ට…

රනිල් 13 ගේන්නේ නැති බව අනුර සහතික කර කියයි

  13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ ද ඔහු එසේ නොකරන බව සහතික යැයි ජවිපෙ නායක, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව හැමදාම කිව්වත් කිසිදාක ඔහු එය නොකරන බව ඒ මහතා කී ය. ඒ මහතා වැඩි දුරටත් කීවේ මෙය රනිල්…

වඩිවේල් සුරේෂ් සජබයෙන් ඉල්ලා අස්වෙයි

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

රජ ගෙදර කෝටි දෙක ගෝඨා ඉල්ලයි

  අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කලේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්,…

ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම් ෆවුසි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.

ජනක රත්නායකත් රිවස්! – විදුලි ගාස්තු සංශෝධනයට එකඟවේ!

  2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇතැයි එහි සභාපති ජනක රත්නායක පැවසිය. එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා…

ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සමුළුවක් ; සියලු පාර්ශව එකඟයි

  ශ්‍රී ලකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි. චීනය ද එම අදහස ප්‍රකාශ කොට ඇති බවත්, තමන් ලබාදෙන වසර දෙකක සහන කාලයෙන් පසු නය ගෙවීමේ ක්‍රම ගැන එබඳු සාමුහික තීරණයක් අවශ්‍ය බව දන්වා ඇති බවත් වාර්තා වී ය. ඉන්දියාව කියා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී…

ඉදිරි දින කිහිපය තුළ නව මැතිවරණ කොමිසමක්

    පසුගියදා සම්මත කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි ප්‍රකාශ කරයි. 21 වැනි සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව පත් වී සති දෙකක් තුළ ස්වාධීන කොමිසන් සභා සඳහා නව සාමාජිකයින් පත් කළ යුතුව ඇත. අලුතින් පත් වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක…