ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සමුළුවක් ; සියලු පාර්ශව එකඟයි

 

ශ්‍රී ලකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි.

චීනය ද එම අදහස ප්‍රකාශ කොට ඇති බවත්, තමන් ලබාදෙන වසර දෙකක සහන කාලයෙන් පසු නය ගෙවීමේ ක්‍රම ගැන එබඳු සාමුහික තීරණයක් අවශ්‍ය බව දන්වා ඇති බවත් වාර්තා වී ය.

ඉන්දියාව කියා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු ණය හිමියන්ට සමාන ලෙස සැලකීම අවශ්‍ය බව යි.

මේ අතර ණය දෙන රටවල පැරිස් සමුළුව ඉදිරි සතියේ රැස්වීමට නියමිත බව ද වාර්තා වෙයි. එහි සාමාජිකයින් නොවන චීනය සහ ඉන්දියාව ද එම සමුළුවට සහභාගී කර ගැනීමට යෝජනා වී ඇතත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයකට එලබී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *