රාජපක්ෂට ජනපතිගෙන් තවදුරටත් සහනයක් නෑ !

තමාට සහනයක් ලබාදෙන්නේ නම් පසු බසින්නට සූදානම් බව පෙන්වමින් ඊනියා ඒකාබද්ධ විපක්ෂය හරහා බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ ගන්නා උත්සාහය පිළිබඳව කෝපයට පත් වී සිටින ජනාධිපතිවරයා මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැණිමට යන බව යූක්තියට වාර්තාවේ. මෙහි පියවරක් ලෙස රාජපක්ෂලාට එරෙහිව සිදුකෙරෙමින් පවතින පරික්ෂණ කඩිනම් කිරීමට පමණක් නොව ඇතැම් අය ළගදීම අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද…

මුදල් ඇමතිකම රැකගන්න රවීගෙන් මෙහෙයුමක් !

ලඟදී ම සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දී වත්මන් මුදල් ඇමතිට එම ධූරය අහිමිවන ලකුණු පහළවීමත් සමඟ සිය අමාත්‍ය ධූරය රැකගැනීම සඳහා රවී කරුණානායක ඇමතිවරයා දැඩි මෙහෙයුමක් දියත් කර ඇති බව යුක්තියට වාර්තා වේ. මෙහි එක් පියවරක් ලෙස රවි කරුණානායක මුදල් ඇමති ධුරයේ තවදුරටත් තබාගන්නා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට මේ වන විට බලපෑම් එල්ලවන බව ද වැඩි…

රංග ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

ආචාර්ය රංග කලංසූරිය මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව යුක්තියට විශ්වාස කටයුතු මාර්ගයකින් යුක්තියට වාර්තාවේ. මීට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන තනතුරට ආචාර්ය රංග කලංසූරියගේ නම සිවිල් සංවිධාන විසින් නම් කෙරුනු බව මාධ්‍යයේ පලවිය. ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ, රාජපක්ෂ පාලනය තුළ ජාතිවාදය වැපිර වූ ලලිත් ද…

ජී එස් පී ප්ලස් සාකච්චාවකට ඉහළ පෙළේ කණ්ඩායමක් ලබන සතියේ බ්‍රසල්ස් යයි

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය යලි ලබාගැනීම සදහා යුරෝපා සංගමයේ නිලධාරීන් සමග සාකච්චාවක් සදහා ශ්‍රී ලංකා රජයේ ඉහල පෙලේ නියෝජිත පිරිසක් ලබන සතියේ බ්‍රසල්ස් නුවර සංචාරය කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි . ජී එස් පී සදහා ශ්‍රී ලංකාවේ නිල ඉල්ලුම්පත සකස් කිරීමේ ගැටළු විසදා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව කියති…

හමුදා බුද්ධි අංශ වැඩ හෙලිකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වසයි

එල් ටී ටී ඊ යයි සැකපිට අත් අඩංගුවට ගත අය හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් බව මාධ්‍යයට ප්‍රකාශ කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වස දම ඇත . පිළිස මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හමුදා ඔත්තුකරුවන් ගැන ප්‍රකාශය කලේ පසුගිය සෙනසුරාදාය . සදුදා සිට මාධ්‍යය  ප්‍රකාශක අංශය වසා  දමා  ඇත…

මහින්ද රාජපක්ෂ, ඩලස්ටත් තග දාලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දිගුකාලින හිතවතෙකු වන ඩලස් අලහප්පෙරුම මහතාට තර්ජනාත්මක ලෙස අවවාද කොට ඇති බව වාර්තා වෙයි . බැසිල් රාජපක්ෂ මහතාට මහින්ද පිළේ වගකීම් පැවරීම ගැන ඩලස් අලහප්පෙරුම මහතාගේ අකමැත්ත ප්‍රකාශ වී තිබීම මෙයට හේතුව බව කියති . අලහප්පෙරුම මහතා තමන් අතහැර මෛත්‍රී පිලට එක්වීමට කටයුතු කරමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා…

රවී ,අර්ජුන ,විජේදාස ,දුමින්ද ,ගයන්තගේ ඇමතිකම් වෙනස්කරන සංශෝදනයක් එයි !

ඉතා කඩිනමින්  කැබිනට් මණ්ඩලයේ සීමිත සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වන අතර, ඒ පිළිබඳව වූ තීරණාත්මක සාකච්ඡාවක් අපේ‍්‍රල් 28 දින රාත‍්‍රියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් අතර පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ. එම සාකච්ඡාවේදී රවී කරුණානායකගේ මුදල් අමාත්‍ය ධුරය, අර්ජුන රණතුංගගේ වරාය අමාත්‍ය ධුරය, දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය, විජයදාස රාජපක්ෂගේ අධිකරණ…

අලුත් එල් ටී ටී ඊ ය හමුදා බුද්ධි අංශයේ වැඩක්ද ?

එල් ටී ටී ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාජ සැලැස්මක් හමුදා බුද්ධි අංශ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වී ඇත්දැයි සක පලවන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . මෙම තත්වය උද්ගතව ඇත්තේ එල් ටී ටී ඊ ය ප්‍රති සංවිධානයට උත්සහ දරු බවට සක පිට පසුගියදා ත්‍රස්ත විමර්සන ඒකකය මගින් අත් අඩංගුවට ගත් තිදෙනාම හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් බව හෙළිවීම නිසාය…

මැයි රැුළිවලට ආ ජන සංඛ්‍යාව ගැන බුද්ධි වාර්තා හෙළිවේ / වැඩිම සෙනග එජාපයට

රටේ ප්‍රධාන පක්ෂ වල වත්මන් ජනප්‍රියත්වය සහ ශක්තිය උරගා බැලු මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි දින පෙළපාලි හා මැයි රැුළි ඊයේ දිවයින පුරා පැවැත්වුනා.  මේ වනවිට ලැබී ඇති බුද්ධි අංශ වාර්තා අනුව කොළඹ කැම්බල් පිටියේ පැවැත්වූ එජාප මැයි රැලියට සියළු දේශපාලන පක්ෂ වලට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම ප්‍රමාණය දළ වශයෙන් 75,000 ක්…

කිරුලපොන මැයි රැළියෙන් මහින්ද පිල දෙකඩ වෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කිරුලපොන මැයි දින රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමත් ඔහු ශ්‍රීලනිප කඩා නව පක්ෂයක් හැදීමේ අදහස දැඩිව ප්‍රකාශ කිරීමත් සමග මහින්ද හිතවාදී කණ්ඩායම දෙපිලකට බෙදී ඇති බව වාර්තා වෙයි . මෙම බෙදීම සිදුව ඇත්තේ බැසිල් හිතවාදීන් හා ඔහුට විරුද්ධ පිරිස වශයෙනි .ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ ,මහින්දානන්ද අලුත්ගමගේ…

ජවිපෙ නායක අනුර කුමාරට පක්ෂය ඇතුළෙන්ම ලෙඩක් !

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇති බවත් , එයින් ඇති වූ සිත් තැවුල හා කෝපය නිසා ඔහු මාසයකට ආසන්න කාලයක් විදේශ ගතව සිටි බවත් අපගේ ආරංචි මාර්ග කියයි . පක්ෂයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව කියති . කෙසේ වෙතත් පසුගියදා පවතී මදය සාකච්චාවකදී ප්‍රශ්න කලවිට…

පැනමා ලේඛණවල නම් ගම් නව වැනිදා එලියට

පැනමා ලේඛණවල අඩංගු විවිධ රටවල පුද්ගලයින් හා සමාගම් පිලිබදව වැඩිදුර තොරතුරු ලබන නවවැනිදා ප්‍රකාශයට පත් කරන බව එම ලේඛණ හෙලිකල ගවේෂණාත්මක ජනමාධ්‍ය වේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය කියයි . රටවල් 200ක මුදල් සැගවුවන් දසදහස් ගණනකගේ නම් මෙහි ඇතුලත් වන බව වාර්තා වෙයි . දැනට ප්‍රකාශිත වාර්තාවල ඇති සංකීර්ණතාවය නිසා මුදල් සැගවූ පුද්ගලයින් හදුනාගැනීමේ දුෂ්කරතාවක් පවතින නිසා වඩා…