පැනමා ලේඛණවල නම් ගම් නව වැනිදා එලියට

පැනමා ලේඛණවල අඩංගු විවිධ රටවල පුද්ගලයින් හා සමාගම් පිලිබදව වැඩිදුර තොරතුරු ලබන නවවැනිදා ප්‍රකාශයට පත් කරන බව එම ලේඛණ හෙලිකල ගවේෂණාත්මක ජනමාධ්‍ය වේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය කියයි . රටවල් 200ක මුදල් සැගවුවන් දසදහස් ගණනකගේ නම් මෙහි ඇතුලත් වන බව වාර්තා වෙයි .

දැනට ප්‍රකාශිත වාර්තාවල ඇති සංකීර්ණතාවය නිසා මුදල් සැගවූ පුද්ගලයින් හදුනාගැනීමේ දුෂ්කරතාවක් පවතින නිසා වඩා සරල කල වාර්තාවක් ලබාදීමට ක්‍රියාකරන බව ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *