ජී එස් පී ප්ලස් සාකච්චාවකට ඉහළ පෙළේ කණ්ඩායමක් ලබන සතියේ බ්‍රසල්ස් යයි

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය යලි ලබාගැනීම සදහා යුරෝපා සංගමයේ නිලධාරීන් සමග සාකච්චාවක් සදහා ශ්‍රී ලංකා රජයේ ඉහල පෙලේ නියෝජිත පිරිසක් ලබන සතියේ බ්‍රසල්ස් නුවර සංචාරය කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි . ජී එස් පී සදහා ශ්‍රී ලංකාවේ නිල ඉල්ලුම්පත සකස් කිරීමේ ගැටළු විසදා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව කියති . ඉල්ලුම් පත සකස් කොට ඉදිරිපත් කිරීම මෙම සංචාරයෙන් පසුව සිදුවනු ඇත. ඉල්ලුම් පත සකස් කිරීම සංකීර්ණ කටයුත්තක් වී ඇති බවත් , එහිදී ඇතැම් කරුණු නිශ්චිතව සදහන් කල යුතුව ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි . කෙසේ වෙතත් ඉල්ලුම්පත හොදින් සකසා  ඉදිරිපත් කිරීම මගීන්  ඉදිරි කටයුතු පහසු කරගත හැකිවනු ඇති බව විශ්වාස කෙරෙයි .

ඉල්ලුම්පත මසක් ඇතුලත ඉදිකිපත් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *