සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය මේ වෙනකොට දියවෙමින් තියෙනව – කීර්ති තෙන්නකෝන් – කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ

මෙවර මැයි රැුලි සංවිධානය කිරීම සඳහා සෑම පක්‍ෂයක්ම උපරිම බරක් යෙදුවා. තමන්ට හැකි උපරිම ජනතාවක් තම රැුලිවලට සහභාගි කරවීම සඳහා ඔවුන් උපරිම සංවිධාන ශක්තියක් යෙදුව. ඒ වගේම විශාල ජනතාවක් මැයි රැුලිවලට සහභාගි වුනා. නමුත්, මේ මගින් මැයි රැුලියක් පැවැත්වීමේ සැබෑ අර්ථය නිරූපණය වෙනවද? කම්කරු සටන් ඉතිහාසය තුළ ඔවුන් විසින් කරන ලද කැපවීම් හා දිනාගන්නා ලද ඉල්ලීම් මෙයින් නිරූපණය වෙනවද?  ඒ වගේම දිනාගත යුතු අයිතිවාසිකම්, පවතින රජයට බලපෑම් කර අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වැඩකරන ජනතාව සමත් වෙනවද? කොටින්ම මේ පැවැත්වූවේ මැයි දින රැුලි ද?
මැයි රැුලි පවත්වන්නේ කම්කරු අයිතිවාසිකම් පදනම් කරගෙන හා කම්කරුවන් විසින් දිනා ගන්නා ලද අයිතීන් සමරන්න කියන එක අනාදිමත් කාලයක සිට පිළිගත්ත දෙයක්. නමුත් 1977න් පස්සේ මැයි රැුලි පැවැත්වීම දේශපාලන කර්තව්‍යයකට එකතුවෙලා තිබුණ. ලංකාවේ වෘත්තිය සමිති මේ වෙනකොට ඍජුවම දේශපාලන පක්‍ෂ සමග බද්ධ වෙලා තියෙනව. නැත්නම් දේශපාලන පක්‍ෂවලට ලැදියාවෙන් කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව. 1977ට පෙර දේශපාලන පක්‍ෂ තමයි වෘත්තිය සමිතිත් එක්ක හිටියෙ. නමුත්, දේශපාලන පක්‍ෂවල තීරණ, ප‍්‍රතිපත්ති මොනව වුනත් වෘත්තිය සමිති කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි ඒ තත්ත්වය දැන් වෙනකොට නැතිවෙලා. දේශපාලන පක්‍ෂවල න්‍යායපත‍්‍රයන් විසින් සියල්ල ගිලගන්න තැනකට ගිහිල්ලා තියෙනව. වැරැුද්ද තියෙන්නෙ දේශපාලන පක්‍ෂවල නෙමෙයි. වෘත්තීය සමිති ස්වාධීනව නැගීසිටීම සඳහා මැදිහත් වෙනවද කියන ප‍්‍රශ්නය ඇතිවෙලා තියෙනව. වෘත්තීය සමිති දේශපාලකයන් පිටිපස්සෙ යන්නෙ නැත්නම්, මේ ප‍්‍රශ්නයට උත්තරයක් තියෙනව. නොගිය කණ්ඩායම්  ඕනතරම් තියෙනව. උදාහරණයක් වශයෙන් බාලාතම්පො ගන්න පුළුවන්. බලාතම්පො සමසමාජයත් සමග දේශපාලනය කෙරුවෙ. නමුත් සමසමාජයත් සමග දේශපාලනය කෙරුව කියල ගැටුම් ඇතිවෙච්ච වෙලාවල් වල්වල එළියට බැහැල ස්වාධීන්ව කටයුතු කෙරුව. එන්.එම්. සමග ගැටුමක් ඇතිවුන වෙලාවෙ සමරක්කොඩිත් සමග එළියට බැහැල, වෘත්තීය සමිති කේන්ද්‍රකරගත් වෙනම දේශපාලන ගමනක් ගියා. අදටත්, බලාතම්පෝගේ ශ්‍රේෂ්ට ක‍්‍රියාමාර්ග නිසා (ඒ.ඊ.ගුණසිංහගෙ අභාෂයෙන් ආරම්භ කරපු වෘත්තිය සමිතිව්‍යාපරයක් ලෙස* වෙළඳසේවා වෘත්තීය සමිතිය අදටත් ඒ ස්ථාවරයෙ ඉන්නව.
මැතිවරණ හෝ දේශපාලන උණුසුමක් රටේ තියෙන අවස්ථාවක එහි වාසිය ගන්න දේශපාලන පක්‍ෂ මැයි දිනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනව. 1676 පැවති මැයි රැුලියෙදි එක්සත් ජාතික පක්‍ෂය පෙන්වපු බලය නිසා තමයි 5/6ක බලයක් ගන්න එජාපයට මූලික පසුබිම හැදුනෙ. 1956දි ශ‍්‍රී ලංකා එකට කම්කරුවන්ගෙ බලය ගන්න ටී.බී. ඉලංගරත්න වෘත්තිය සමිති හරහා කටයුතු කෙරුව. ජේ.ආර්. ජයවර්ධනගෙ තිබුණ දේශපාලන දැනුම පාවිච්චි කරල දෑවැන්ත සිවිල් ව්‍යාපාරයක් විදිහට වෘත්තීය සමිති නිර්මාණය කරල තිබුණ, ජාතික සේවක සංගමය. ලිපිකරුවො, කම්කරුවො විතරක් නෙමයි 1977 වෙනකොට එ.ජා.ප.යට කසල සෝධකයන්ගෙ වෘත්තිය සමිති ව්‍යාපාරයකුත් තිබුණ. ඒ සංවිධාන ශක්තියත් එක්ක තමයි මේ සියලූම දේවල් ඇති වෙන්නෙ.
1952 පස්සෙ 1956 පෙරළියට ටී.බී. ඉලංගරත්න නමැති වෘත්තිය සමිති නායකයගෙ ශක්තිය තමයි කම්කරුවො අරගල කරන තැනකට ගෙනිච්චෙ.  ඒ ආණ්ඩුවෙ කම්කරුවන්ගෙ වීරයා වුනේ ඉලංගරත්න මහත්තය. ඔහු සේවක අර්ථසාධක අරමුදල ඇතිකිරීම වැනි ව්‍යාපර කම්කරුවා වෙනුවෙන් ඇති කෙරුවෙ. නිවාඩු ලබා දීම වැනි කටයුතු ඔහු කෙරුව. මහජන බැංකුව පිහිටුවන්න කටයුතු කෙරුවෙත් ඔහු.
මෙවර මැයි දිනය ගැන නම් කියන්න තියෙන්නෙ, දේශපාලන බලය පෙන්වීමේ ව්‍යාපාරයක් කියලයි. ඒක ඉතා සූක්‍ෂම ලෙස කෙරුව. බලය පෙන්වීම සඳහා මැයි රැුලි පැවැත්වීමේ උච්චතම අවස්ථාව මෙය කියල කියන්න පුළුවන්.
යූ.එන්.පී. එක විශාල මැයි රැුලියක් පැවැත්වුවත් වෙනදා ඔවුන්ගේ විරුද්ධවාදීන්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැුලියට ආශිර්වාද කෙරුව. වෙනද වගේ ඔවුන් එකිනෙකාට චෝදනා කරගත්තෙ නෑ. අනිත් කණ්ඩායම වතුකරයේ පැවති මැයි රැුලිය. ලංකාවේ සැබෑ කම්කරු නියෝජනයක් ඇති වෙන්නෙ වතුකරයේ කම්කරුවන් සහභාගීවන මැයි රැුලියට. ලංකාවෙ ලක්‍ෂ 7ක් වතුකම්කරුවො ඉන්නව. ඔවුන් වෘත්තිය සමිති හා බැඳිල ඉන්නව.  ඔවුන් අති දෑවැන්ත මැයි රැුලියක් පැවැත්වුවා. රාජිතල වගෙ කණ්ඩායම් වෙනම මැයි රැුලියක් පැවැත්වුවා. මේ සේරම එකතුවෙලා තමයි මෙවර මැයි රැුලිය පිළිබඳ විශාල චිත‍්‍රයක් මවා පෑවෙ. මෑතක් වෙනකල් මෙවැනි කටයුතුවලට මිනිස්සු ස්වේච්චාවෙන් තමයි ආවේ. නමුත් දැන් වෙන්නේ නොයෙක් දීමනා, වරදාන දීල බලය පෙන්වීම සඳහා මිනිස්සු පොම්ප කිරීමක්. මේක ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක තුනම කරනව. මේ අර්භූදයේ උච්චතම අවස්ථාවට දැන් ඇවිල්ලා තියෙනව.
මෙවර මැයි දිනය කණ්ඩායම් 46ක් හෝ ඊට වඩා සංඛ්‍යාවක් විසින් ස්ථාන 46ක පවත්වල තියෙනව. ඒකෙන් ගම්‍ය වෙන්නේ උපක‍්‍රම ශීලීව හෝ වෙන මොනයම් තත්ත්වයක් යටතේ හෝ රටේ ජන බලය එක තැනකට ඒකරාශි වෙන්න නොදී බෙදලා තියෙනව කියන එකද?
ලෝකයේ කිසිම රටක කම්කරුවො එක ධාරවක හිිටියෙ නෑ. කණ්ඩායම් වැඩි වෙන ප‍්‍රමාණය හොඳ හෝ නරකද කියල කියන්න බෑ. නමුත් වෙනදා මැයි රැුලිවල තිබුණු බරපතල යෝජනා හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මේ වෙනකොට නැතිවෙලා තියෙනව. ඒක වැඩකරන ජනතාව විසින්ම ඇතිකර ගන්නා ලද තත්ත්වයක් නෙමේද? කියල ප‍්‍රශ්න කරන්න වෙනවා.
වෙනදාට වඩා ජනතාව අද රටේ ආර්ථික තත්ත්වය ගැන දැනුම්වත්භාවයකින් කතාකරනව දකින්න ලැබෙනව. ඒ නිසා රජයකට වෙනද වගේ මේ ප‍්‍රශ්නවලට කුමක් හෝ උත්තරයක් කියල මගඅරින්න බෑ නේද? රටේ ඉදිරි ආර්ථික තත්ත්වය මොනවගේ වෙයිද?
අද ලංකාවේ ආර්ථිකය ලොකු අර්ථික අර්බූදක පාමුල ඉන්නෙ. ඉදිරි අවුරුදු තුනක කාලයකට ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 3ක් ආවෙ නැත්නම්, ලංකාවේ මුදල් සංසරණය පිළිබඳ නිර්නායකය ජය ගන්න ලේසි නෑ. මේ මුදල් ප‍්‍රමාණය රටකට එන්න ක‍්‍රම කීපයක් තියෙනව. ආයෝජන එන්න  ඕනෙ. නැත්නම් ණය ගන්න  ඕනෙ. දීමනා නැත්නම් සහනාධාර ලැබෙන්න  ඕනෙ. මොන ක‍්‍රමයකින් හෝ අපි කතාකරන භාෂාවෙන් කියනව නම්, රෝල ගෙනියන්න ඩොලර් මිලියන 3ක් අවශ්‍යයි.  එහෙම ලැබුනෙ නැත්නම් ලොකු අමාරුවක ස්ථිර වශයෙන්ම වැටෙනව.  ලංකාවෙ ආධායම වගේ දෙගුණයක්  ඕනෙ රාජ්‍ය වැටුප් ගෙවන්නයි. විශ‍්‍රාම වැටුම් ගෙවන්නයි. ණය ගෙවන්නයි. පොලිය ගෙවන්නයි. මේක තවදුරටත් මේ විදිහට පවත්වගෙන යන්න බැහැ. අපි මොන හීන දැක්කත් ඒක ඇත්ත තත්ත්වය. මැයි 1 වෙනිදා මැයි රැුලි තියල. මැයි 2වෙනිදා වැට් එක වැඩිකරන්න සිද්ධ වුනේ ඒක හින්ද. මේ අර්බූදයට අපි මූණදීල තියෙනව. නායකයන් චීනයට යන්නෙ, ඉන්දීයාවට යන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සොයාගෙන යන්නෙ මේ නිසා.
අනිත් අතින් තව අර්බූදයක් තියෙනව, අයි.එම්.එස්. එක ලංකාවට ඩොලර් 1.8 ක ණයක් දෙන්න සූදානම් වෙනව. ඒ වගේ දෙගුණයක් එයාර් ලංකා එක විතරක් පාඩුයි. 2005 ලාබ ලබපු එයාර් ලංකා එක අද වෙනකොට ගෙනල්ල තියෙන ආර්ථික අර්බූදයේ පරිමාණය තමයි ඒ. මේකෙන් අපිට කියන්නෙ මොකක්ද? උදාහරණයක් විදිහට අපේ රටින් ඩොලර් ටි‍්‍රලියන 2.8ක් නීති විරෝධීව එළියට අරගෙන ගිහින් තියෙනව. ලංකාවට බදු ගෙවන්නැතුව, නීති විරෝධීව වෙන වෙන රටවල් වල තියාගෙන ඉන්නව. ඒවා නීත්‍යානුකූලව උපයාගත් මුදල් වෙන්නත් පුලූවන්. නීත්‍යානුකූල නොවන සල්ලි වෙන්නත් පුළුවන්.
2015දි බලයට පත්වෙච්ච ආණ්ඩුව පොරොන්දුවක් දුන්න මේ සල්ලි නැවත රටට ගේනව කියල. ඒක කරන්න නම් ඒ සඳහා යම්කිසි නීතිමය මැදිහත් වීමක් අවශ්‍යයි. මේ සල්ලි නීති විරෝධීව ගෙනගිය බවටත්, මේ සල්ලි රටට අවශ්‍ය බවටත් අධිකරණ ක‍්‍රියාදාමයකින් ඔප්පු කළ යුතුයි. එතකොට තමයි හොයාගන්න සල්ලි වුනත් ලංකාවට ගේන්න පුලූවන් වෙන්නෙ. මැලේසියාව වගේ රටවල වංචා කරන ලද රාජ්‍ය නායකයන්ට නඩු පැවරුව. ඒ මුදල් ඒ රටට ගෙනවා. ඒ අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් පස්සෙ.
අපිට පැමිණිලි 4000කට වැඩි ප‍්‍රමාණයක් ලැබිල තියෙනව. මේ අතරින් පැමිණිලි 512ක් පමණ යවල තියෙනව අදාල ආයතනවලට. මේ කරුණු ගැන හොයන්න. පොලීසියට, සී.අයි.ඞී. එකට, මහාපරිමාණ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම ඇතුළු අනෙකුත් ආයතනවලට. මේ එකකින්වත් අපි බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිඵලය මේ වෙනකොට ඇවිත් නෑ. අපි යවපු මේ පැමිණිලි 512 යම්කිසි අගැයීමකට ලක්කරල, සාක්‍ෂි ගොනුකරල ඉදිරි කටයුතු කරන්න පුළුවන් පැමිණිලි කියල බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ අතරින් විමර්ශන අවසන් වෙච්ච ලිපි ගොනු 23ක් තියෙනව. පැමිණිලි 43ක් දැනට අවසන් කරල තියෙනව. නමුත් මේවට නඩු පැවරීමේ හා නීතිය ක‍්‍රියාත්මක කිරීමේ තත්ත්වය සතුටුදායක නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙ උපදෙස් නැතුව පැමිණිලි 30කට වැඩි සංඛ්‍යාවක වැඩ නතරවෙලා තියෙනව. ලංකාවෙ අධිකරණ කලාපය ඇතුලෙ මෙම කටයුත්ත කෙරෙන්නෙ නැත්නම් අපි මොකද කරන්නෙ? ඒ නීතිමය ක‍්‍රියාවලිය වෙන්නෙ නැත්නම් මේ මුදල් මේ රටට ගන්න බැහැ. මේ සල්ලි ලංකාවෙ සල්ලි බව නීතියෙන් ඔප්පු කළයුතුව තියෙනව. ලංකාවට අද තියෙන ලොකුම අභියෝගය තමයි මේ නඩුවල ප‍්‍රමාදය. ලංකාවෙ මුදල් කොහෙහරි දාල තියෙනවනම් හොයාගන්න පුළුවන්. අපි දන්නවා මොනවයින්ද මුදල් ගසාකෑවෙ කියල. නොරොච්චෝලෙ, හයිවේ, මත්තල ගුවන්තොටුපොල, වරාය වගේ ආයතන හරහා තමයි මේ මුදල් ගසාකෑවේ. මේ වගෙන් ගසාකෑවෙ කවුද කියන එක බෙහොම පැහැදිලිව පේන්න තියෙනව. උදයංග වීරතුංග අවි ජාවාරමට සම්බන්ධ බව ජාත්‍යන්තරව පිළිඅරන් තියෙනව. ඔහු නිදහසේ තායිලන්තයට ඇවිත් හිටපු ජනාධිපතිවරයා සමග ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනව. ලංකාවෙන් ඩොලර් ටි‍්‍රලියන 2.8ක් එළියට යනකම් විනිමය පාලක මොනවද කෙරුවෙ? මහ බැංකුව මොනවද කෙරුවෙ? අපිට කොච්චර අපේක්‍ෂාවන් තිබුණත් මේ දේශපාලන යථාර්ථයට අපි මුහුණ දියයුතුව තියෙනව. මේ ආයතන අල්ලස, ¥ෂණය, වංචාව නවත්වන්නට අසමත් වෙලා තියෙන බව නම් ඉතාමත් පැහැදිලිව පෙන්න තියෙනව.
එක්සත් ජාතික පක්‍ෂය මැයි රැුලිය ප‍්‍රථම තැනටත්, ගාල්ලේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැුලිය දෙවන තැනටත්, ඒකාබද්ධ විපක්‍ෂ මැයි  රැුලිය තුන්වන ස්ථානයටත්, ජනතා විමුක්ති පෙරමුණ හතර වන ස්ථානයත් ජන සහභාගීත්වයක් තිබූ බවට තමයි පොලිස් වාර්ථා ආරංචිමාර්ග සඳහන් කරන බව දැනගන්නට තියෙන්නෙ. පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය කරනලද, ඉතාම ¥ෂිතයයි හංවඩු ගහපු, රට විනාශමුඛයට ඇද දමන ලදැයි කියන මහින්ද රාජපක්‍ෂ වටා සිටින කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මැයි රැුලිය කොහොමද තුන්වන ස්ථානයට පැමිණියේ?
මේ රටේ මිනිස්සු ¥ෂණයට, මැර කමට ලැදියාවක් තියෙන බව පැහැදිලියි. පිරිසක් ඔවුන් වීරත්වයකට පත් කරගන්නව. මහා පරිමාණ අපරාධ කරපු අපේක්‍ෂකයන්ට අංක 1 ට මනාම ලැයිස්තුවෙ එන්න පුළුවන්කම ලැබිල තියෙනව. මර්වින් සිල්ලවත් එක්ක හැප්පුන ප‍්‍රසන්න රණවීර මැරයෙක් බව දැනගෙන තමයි මිනිස්සු ඡුන්දෙ දුන්නෙ. මුතුහෙට්ටිගමටත් මිනිස්සු ඡුන්දෙ පාවිච්චි කෙරුව. රටක ජනතාවගෙ හැටියට තමයි පාළකයන් බිහිවෙන්නෙ. මැරයො මේ තැන්වලට ගේන්න යම් ලැදියාවක් ජනතාව තුළ තිබිල තියෙනව. පිලිප්, රොබට්, සර් ජෝන් වුනත් චණ්ඩි චරිත. ඔවුනගෙ දැක්මෙ හොඳ පැත්තක් තිබුන නිසා රටට හොඳක් කෙරුව.
මේ අනුව බලනකොට ප‍්‍රගතිශීලීන් කවුද? ප‍්‍රතිගාමීන් කවුද? කියල හොයාගන්න මැදිහත් ජනතාවට අපහසුවෙනව නේද?
අද ලංකවේ දේශපාලනයෙ ප‍්‍රගතිශීලීන් හා ප‍්‍රතිගාමීන් කියල කොටස් දෙකක් නෑ. මේ දෙගොල්ල වෙනුවට අවස්ථාවාදීන් කියල කොටසක් නිර්මාණය වෙලා තියෙනව. මොවුන් තමයි අවස්ථාව උදුරා ගන්නට මැදිහත් වෙමින් සිටින කණ්ඩායම. ඔවුන් කරන්නෙ මේ තියෙන වාස්තවික තත්ත්වයන් එක්ක අවස්ථාවාදීව තමන්ගේ වාසියට බොහෝ දේවල් නිර්මාණය කිරීම. අද තියෙන අර්බූදයත් එකම තමයි.
මැයි රැුලි 46කින් මැයි රැුලි 4ක් ගැන කියවෙනවිට ජ.වි.පෙ.ට 4 වන ස්ථානය හිමි වුනත්, ජවිපෙ ජනතා සහභාගීත්වය වෙනදාට වඩා සිදු වූ බවත්, ඔවුන් යම් ඉදිරියක් පෙන්වූ බවත් ජනතාව කතාවෙනව.
වෙනදත් ජ.වි.පෙ.ට මේ වගේ ජන සභාගිත්වයක් තියෙනව. වෙනත් පක්‍ෂ එක්ක බලනවිට විනය, සංවිධානාත්මකබව, හොඳම සංනිවේදනය තිබුණෙ ජ.වි.පෙ.ට. ඒක ජ.වි.පෙ. අනන්‍යතාවය. කොහොම වුනත් ජ.වි.පෙ.ටත් දැඩි දේශපාලන අර්බූධයක් මේ වෙනකොට එල්ලවෙලා තියෙනව. මේ දේශපාලනය, හැම කණ්ඩායමකටම බලපෑම් එල්ල කරල තියෙනව. හෙල උරුමයක් තියෙනවද නැද්ද කියල නෑ. උතුරේ දේශපාලනය වෙනම ගමන් මාර්ගයකට ඇවිල්ල තියෙනව. අපේ ජාතික වාදී කණ්ඩායම් ජාතිවාදය මතම යැපෙන්න උත්සාහ කරනව.
සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයත් මේ වෙනකොට දියවෙමින් තියෙනව. ජ.වි.පෙ. ඉදිරි ගමන ගැන ජනතාව සැක කරනව. රටේ ජනතාව ගැන කතා කරන්න. රජය අවංකව විවේචනය කරන්න කණ්ඩායමක් නැතිවේගෙන යනව කියල පේනව. ඒ අතර ඇහෙන්න ලැබෙනව අලූත් බලවේගයක් මතුවෙයි කියල. ඒ ගැන ඔබේ අදහස.
අලූත් බලවේගයක් මතුවීම අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවේ තිබුණ විපක්‍ෂයේ දුර්වලකම නිසා තමයි සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ආවේ. අදත් ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව. කවුරු මොනවත් කිව්වත් සාධාරණ සමාජයක් උදෙසා ජාතින ව්‍යාපාරය සාර්ථක ජයග‍්‍රාහී අවසානයක් කරා ගියා. අදත් එහි ප‍්‍රතිඵල අත්විඳින්න තියෙනව. ඒ මැදිහත් වීම ගැන කිසිකෙනෙකුට දුක්වෙන්න හේතුවක් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පත්වීම තුළ වෙනදාට වඩා හොඳ සමාජයක් නිර්මාණය වෙලා තියෙනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *