රංග ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

ආචාර්ය රංග කලංසූරිය මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව යුක්තියට විශ්වාස කටයුතු මාර්ගයකින් යුක්තියට වාර්තාවේ. මීට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන තනතුරට ආචාර්ය රංග කලංසූරියගේ නම සිවිල් සංවිධාන විසින් නම් කෙරුනු බව මාධ්‍යයේ පලවිය.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ, රාජපක්ෂ පාලනය තුළ ජාතිවාදය වැපිර වූ ලලිත් ද සිල්වා ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන තනතුරට පත්කර ගැනීම සම්බන්ධයෙන් සිවිල් සමාජය සිය අප්‍රසාදය පල කිරීම හේතුවෙන් යැයි ඒ මාධ්‍ය වාර්තා මගින් කියා තිබුණි. ලලිත් ද සිල්වා එම තනතුරේ සිටියදී ම ආචාර්ය කලංසූරියට මාධ්‍ය අධ්‍යක්ෂ පදවියක් ජනාධිපතිවරයා විසින් පිරිනැමුණු නමුත් ඔහු එය භාරනොගත් බව ද පසුව වාර්තා විය. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළ ආචාර්ය රංග කලංසූරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *