මුදල් ඇමතිකම රැකගන්න රවීගෙන් මෙහෙයුමක් !

ලඟදී ම සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දී වත්මන් මුදල් ඇමතිට එම ධූරය අහිමිවන ලකුණු පහළවීමත් සමඟ සිය අමාත්‍ය ධූරය රැකගැනීම සඳහා රවී කරුණානායක ඇමතිවරයා දැඩි මෙහෙයුමක් දියත් කර ඇති බව යුක්තියට වාර්තා වේ. මෙහි එක් පියවරක් ලෙස රවි කරුණානායක මුදල් ඇමති ධුරයේ තවදුරටත් තබාගන්නා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට මේ වන විට බලපෑම් එල්ලවන බව ද වැඩි දුරටත් දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නුගේගොඩ ප්‍රදේශයේ වැඩවසන ප්‍රභල භික්ෂුන් වහන්සේ නමක් උක්ත මෙහෙයුමේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන බව ද දැනගන්නට තිබේ. කෙසේ නමුත් කිසිම හැකියාවක් පෙන්වීමට අසමත් වී ඇති කරුණානායක මහතා තවදුරටත් මුදල් අමාත්‍ය ධුරයේ තබාගැනීම ආණඩුවට හිතකර නොවන බව බොහෝ දෙනාගේ මතය බව ද කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *