බදුර්දීන්ගේ සොහොයුරා නිදහස්කිරීම පිටුපස ඉන්නේ කවුද ? බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියෝ විමසති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා නිදහස් කිරීම පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්දැයි යන්න රටට අනාවරණය කරන ලෙස බෙල්ලන්විල රජමහා විහාරාධිපතිහිමි, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රශ්න කරති. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිදු කළ ප්‍රකාශය සහ නිදහස් කළ…

හලාවතින් අද හමු වූ කොවිඩ් ආසාදිතයා තවත් පොකුරකින් දැයි සැකයක්

හලාවත දිශා රෝහලෙන් අද කොවිඩ් රෝගියකු හඳුනාගෙන ඇති අතර එම රෝගියා තවත් කොවිඩ් පොකුරක කොටසක් දැයි මේ වනවිට සැක මතු වී ඇතැයි කියති. හලාවත අඹකඳවල ග්‍රාමයෙන් මෙම ආසාදිතය සොයාගෙන ඇත . ඔහු ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබේ . මෙම රෝගියා සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අතර සම්බන්ධයක් මේ වනතෙක් තහවුරු කරගෙන නැත . ප්‍රදේශයේ ආගමික…

වේයන්ගොඩ අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කරයි

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත . කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත. මෙම ප්‍රදේශය තුළ සහ ඉන් පිටතට ද ගමන් බිමන් දැඩි ලෙස සීමා කොට තිබේ. සෞඛ්‍ය ආරක්ෂක පියවර තදින් ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රසේෂවාසීන්ගෙන් ඉල්ලීමක් කෙරෙයි.

රෝහල් ඉඩ මදි ; ඉදිරි පැය 24 තීරණාත්මකයි – වෛද්‍ය සංගමය

රෝහල් ඉඩ මදි ; ඉදිරි පැය 24 තීරණාත්මකයි – වෛද්‍ය සංගමය

කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් එකවර පැමිණීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි. ලෝකයේ අත්දැකීම් අනුව විය හැක්කේ මෙම ආසාදිත සංඛ්‍යාව ඉදිරියේ දී වේගයෙන් වැඩිවීම බවත් , ඉදිරි පැය  24 තීරණාත්මක බවත් අලුත්ගේ මහතා කියයි. රෝහල්වල පහසුකම් , උපකරණ සහ කාර්ය මණ්ඩලය යන හැම අතින් ම සීමා ඇති බව කියන අලුත්ගේ මහතා වැඩිවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම බලවත් අභියෝගයක් වන බව කියයි. 

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1044ක් වෙයි ; දිස්ත්‍රික්ක 16 කට පැතිරෙයි

අද දින වාර්තා වූ රෝගීන් 10 දෙනකු ද සමග මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස් කොවිඩ් පොකුරේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 1044ක් දක්වා ඉහල ගොස් ඇත. මෙය මේ දක්වා එක් කොවිඩ් පොකුරකින් වාර්තා වූ ඉහල ම සංඛ්‍යාවයි . යුද හමුදාපති ලුතිනන ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම සමාගමේ සේවකයින් රට පුරා ගොස් ඇති නිසා මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් අසාදිතයි හමු වී ඇති බවයි. සියලු දෙනා  උපරිම ලෙස පරිස්සම් වීම අවශ්‍ය බව ටුද හමුදාපති තුමා කියයි. මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ සේවකයකුට ද රෝගය වැළඳී ඇති බව හෙලිවීමත් සමග එම පොලිසිය තාවකාලිකව වස දැමීමට කටයුතු කොට ඇත. රට පුරා  තවත් ආයතන ගණනාවක් මේ අආකරයෙන් ම වසා දමා ඇති බව වාර්තා වෙයි . 

MRI අධ්‍යක්ෂ ඉවත් කළේ කවුදැයි ඇහුවාම අගමැති දන්නෙත් නෑ, සෞඛ්‍ය ඇමතිනිය දන්නෙත් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

MRI අධ්‍යක්ෂ ඉවත් කළේ කවුදැයි ඇහුවාම අගමැති දන්නෙත් නෑ, සෞඛ්‍ය ඇමතිනිය දන්නෙත් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

කොරෝනා වෛරස් ව්‍යාප්තියක් පවතින අවස්ථාවකදී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඒ තනතුරින් ඉවත් කළේ මන්දැයි විමසීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් යන දෙදෙනාම එම තීරණය කාගේ එකක්දැයි තමන් නොදන්නේ යැයි පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.  “වෙනස් කරාට…

මිනුවන්ගොඩ කම්හලට කොවිඩ් ගෙනා මුල් පොකුර ගැන සොයති ! තවමත් අභිරහසක් !!

මිනුවන්ගොඩ කම්හලට කොවිඩ් ගෙනා මුල් පොකුර ගැන සොයති ! තවමත් අභිරහසක් !!

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්රික්ස් කර්මාන්ත ශාලාවට කොවිඩ් 19 රෝගය ආසාදනය වූ මුල් සම්බන්ධතාවය තවමත් අභිරහසක් වී ඇති බවත් , එම මුල් කොවිඩ් පොකුර කුම්ජක්දයි හඳුනාගැනීමට සෞඛ්‍ය අංශ උත්සහ දරමින් සිටින බවත් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මෙම කම්හලට මුලින් ම රෝගය ආසාදනය වී ඇත්තේ මීට සති තුනකට පමණ පෙර කාලයක දී ය. එනම් සැප්තැම්බර් 20 දාට පෙර දී ය. එම කාලය තුළ කම්හල තුළ රෝගය පැවති බව සොයාගෙන ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද මාධ්‍යයට ප්‍රකාශ කළේ ය. මෙම කාලය තුළ සමාගමට විදේශිකයන් කිසිවකු පැමිණි නැති බව ද කියති. එසේ නම් දේශීය රෝග වාහකයකුගෙන් කම්හලට රෝගය පැමිණ තිබිය යුතු ය. එවිට ප්‍රශ්නය වන්නේ එම රෝග වාහකයා කුමන පොකුරකින් පැමිණියේ ද යන්න සහ එම වාහකයාගෙන් තවත් කී දෙනකුට රෝගය පැතිරී ඇත්දැයි යන්නයි. මිනුවන්ගොඩ කම්හලට රෝගය පැමිණියේ සැප්තැම්බර් 20 ට කලින් නම් එම රෝග ආසාදනයට හේතු වූ මුල් වහකයාගෙන් මේ වනවිට තවත් බොහෝ  පිරිසකට රෝගය පැතිරී තිබිය හැකි බව කියති. මෙම මුල් කොවිඩ් පොකුර සොයාගැනීම මේ වනවිට විශාල අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අංශ කියති. එය වඩාත් දුෂ්කර වී ඇත්තේ රෝගය අසාදනය වූ බොහෝ දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම නිසා ය. මිනුවන්ගොඩ කම්හලේ ආසාදිතයන් බොහෝ දෙනකු ද රෝග ලක්ෂණ පෙන්නුම් කොට නැත. එම පොකුර හඳුනා ගැනීමට මෙතරම් කල් ගියේ ද එම හේතුව නිසා බව කියති. එලෙස ම සැඟවුණු තවත් පොකුරක් නිර්මාණය වී තිබිය හැකි බව සෞඛ්‍ය අංශවල අදහස යි.

|

මිනුවන්ගොඩ කම්හලට කිසිදු විදේශිකයකු ආවේ නැහැ – බ්රෑන්ඩ්රික්ස් සමාගම

මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවට පසුගිය කාලයේ කිසිදු විදේශිකයකු නොපැමිණි බව බ්‍රෑන්ඩ්රික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඉන්දියාවෙන් තම කම්හලට කිසිවක් නොගේන්වූ බවත් , ඉන්දියානු සමාගමේ සිට සැප්තැම්බර් 22 දා මෙරටට පැමිණි සේවකයන් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් ගතකොට නිවෙස් වල තවත් දින 14 ක් නිරෝධායනයට යොමුකළ බව සමාගම කියයි. ඔවුන් කිසිවකු මිනුවන්ගොඩ කම්හල වෙත නොපැමිණි බව සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි. 

අදත් කොරෝනා රෝගීන් 190 ක් හඳුනාගෙන ; එකතුව 1022 යි

අදත් කොරෝනා රෝගීන් 190 ක් හඳුනාගෙන ; එකතුව 1022 යි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ රෝගීන් 190ක් අද දින අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ අනුව එම පොකුරෙන් මෙතෙක් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 1022කි .

දිවුලපිටියේ කාන්තාව මේ කොරෝනා පොකුරේ පළමු ආසාදිතයා නොවේ – වෛද්‍ය සුදත් සමරවීර

පසුගිය ඔක්තෝබර් 04 වනදා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙහි කොරෝනා පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එම කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව පසුගිය සැප්තැම්බර් 20 වනදා පමණ සිට එහි සේවය කළ ඇතැමුන්ට උණ සහ ශ්වසන රෝග තිබී ඇති අතර පසුව එය…

කම්හල් වැසුවත් ගමේ යන්න තහනම් : සේවකයෝ දහස් ගණනක් අමාරුවේ

කොවිඩ් 19 පැතිරීමේ අවදානමත් , ඇඳිරි  නීතියත් නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල් සහ පෞද්ගලික ආයතන ගණනාවක් වසා දමා සේවකයන්ට නිවාඩු ලබා දී ඇතත් , ඔවුන්ට තම ගම බිම් කරා යාමට ඉඩ නොදීම නිසා දහස් ගණනක් සේවකයන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි. මේ වනවිට පවතින තත්ත්වය යටතේ මෙම ප්‍රදේශයෙන් පිටව යාමට කිසිවකුට අවසර දිය නොහැකි බව…

ඊයේ  ආසාදිතයෝ 729යි  දිනකදී හමු වූ වැඩිම රෝගීන් ගණන : මිනුවන්ගොඩ පොකුර 832ට නඟී

ඊයේ ආසාදිතයෝ 729යි දිනකදී හමු වූ වැඩිම රෝගීන් ගණන : මිනුවන්ගොඩ පොකුර 832ට නඟී

මෙරට ඉතිහාසයේ එක් දිනකදී වැඩිම කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව729ක් වාර්තාවීම ඊයේ (6) සිදු විය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත කොවිඩ් – 19 පොකුරෙන් මෙම සංඛ්‍යාව වාර්තා වූ අතර එම පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 832ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම පොකුර හඳුනා ගැනීම සඳහා පුද්ගලයන් 2000 කගේ පී.සී.ආර්. පරීක්ෂණ පෙරේදා…