හලාවතින් අද හමු වූ කොවිඩ් ආසාදිතයා තවත් පොකුරකින් දැයි සැකයක්

හලාවත දිශා රෝහලෙන් අද කොවිඩ් රෝගියකු හඳුනාගෙන ඇති අතර එම රෝගියා තවත් කොවිඩ් පොකුරක කොටසක් දැයි මේ වනවිට සැක මතු වී ඇතැයි කියති. හලාවත අඹකඳවල ග්‍රාමයෙන් මෙම ආසාදිතය සොයාගෙන ඇත . ඔහු ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබේ . මෙම රෝගියා සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අතර සම්බන්ධයක් මේ වනතෙක් තහවුරු කරගෙන නැත . ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට සම්බන්ධව කටයුතු කොට ඇති මෙම ආසාදිතයාට සම්බන්ධ සියලු දෙන නිරෝධායනයට යොමු කිරීමටත් ඔවුන්ගේ  පීසී ආර් පරීක්ෂණ කිරීමටත් මේ වනවිට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *