බදුර්දීන්ගේ සොහොයුරා නිදහස්කිරීම පිටුපස ඉන්නේ කවුද ? බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියෝ විමසති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා නිදහස් කිරීම පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්දැයි යන්න රටට අනාවරණය කරන ලෙස බෙල්ලන්විල රජමහා විහාරාධිපතිහිමි, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රශ්න කරති.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිදු කළ ප්‍රකාශය සහ නිදහස් කළ අවස්ථාවේ සිදු කළය අතර ඇති පරස්පරතා සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාට දොස්පැවරීමෙන් පලක් නැතැයිද එහිදී බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ අවධාරණය කළහ.
කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඔහු නිදහස් කළේ ඔහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ලිපිගොනුව ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගෙන්වාගැනීමෙන් පසුව බවයි.
LANKATRUTH
