තවත් කොවිඩ් මරණ 5 ක් අද වාර්තා වෙයි.

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ තවත්  මරණ 5 ක් අද සවස වන විට වාර්තා වී ය. ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88…

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර දෙකක් අබලන් ; මෙගාවොට් 600ක් අහිමි යි

  නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනක ජන්ත්‍ර දෙකක් අබලන් වීම නිසා ජාතික විදුලු බල පද්ධතියට මෙගාවොට් 600ක් ධාරිතාවක් අහිමිව ඇති බව වාර්තා වෙයි. මේ වනවිට එහි ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 300ක් ධාරිතාවකින් යුතු එක් ජනක යන්ත්‍රයක් පමණකි. ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියන්නේ එක් ජනක යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නැවත තිබිය දී එන් යන්ත්‍රයක…

වෙනත් ලෙඩට රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් – රෝහලට එනකල් දන්නේ නැහැ

වෙනත් ලෙඩට රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් – රෝහලට එනකල් දන්නේ නැහැ

වෙනත් විවිධ රෝග සඳහා රජයේ රෝහල්වලට එන රෝගීනට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිදරවු වීම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. මෙම රොගීන රෝහල් කරා  එන්නේ වෙනත් රෝගතත්ත්වයන් උත්සන්න වීම නිසා ය. ඔවුන් කොවිඩ් රෝගීන් බව හෙළිවන්නේ රෝහලේ දී කරන පී සී ආර් පරෙක්ෂණ වලිනි. එවැනි හඳුනාගැනීමක් සිදුවූ විට එම රෝගීන්ගේ…

කොවිඩ් පොකුරට අදත් 389 ක් එක්වෙති ; දැන් එකතුව 13,084 යි

වත්මන් කොවිඩ් පොකුර දැන් 13,084ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දින අලුතින් එකතු වූ ආසාදිතයින් 389 දෙනකු ද සමග ය. මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ සති පහක තරම් කෙටි කාලයක් තුළ වීමද විශේෂත්වයකි.  

මීගමුව , කඩවත සිට කැලණිය පෑලියගොඩ දක්වා සියලු ප්‍රදේශවල හුදෙකලා කිරීම දිගට ම

මීගමුව ,කඩවත සිට කැලණිය පෑලියගොඩ දක්වා ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක හුදෙකලා කිරීම දිගටම ක්‍රියාත්මක බව රජය ප්‍රකාශ කරයි. මීගමුව ,කඩවත ,ජා ඇළ , කඳාන , රාගම , වත්තල, කැලණිය  සහ පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශ මෙලෙ සැ දිගටම හුදෙකලා කොට තබනු ඇත. කොටුව පිටකොටුව ,මරදාන ඇතුළු මධ්‍යම කොළඹ ප්‍රසේශයේ අලුතින් හුදෙකලා කිරීමට අමතර වශයේ ඉහත කී ප්‍රදේශවල…

කොරෝනා මෙහෙයුම ෆේල් කියු වෛද්‍ය ජයරුවන් බන්ඩාර ඉවතට

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බන්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම තනතුරින් ඉවත් කර ඇත. කොළඹ නගර සීමාවේ කොරොනා ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමට ලඟාවී ඇතැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතාව මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරිමට ආසන්න හේතුව ලෙස වාර්තා වේ. Lanka…

මරදාන , කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය , වේල්ල වීදිය හුදෙකලා කරයි

මරදාන , කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය , වේල්ල වීදිය යන ප්‍රදේශ  හුදෙකලා කරන බව රජය නිවේදනය කරයි . සඳුදා උදෑසන 5.00 සිට නැවත දන්වනතුරු මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක වන බව යුධ හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ප්‍රදේශවලට ඇතුළු වීම හෝ එම ප්‍රදේශවලින් පිටවීම තහනම් වෙයි. එම ප්‍රදේශවල සියලු කාර්යාල…

බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොවිඩ් ; බන්ධනාගාර පොකුර 329 කට නගී

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගෙන තිබේ. ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි .

ඩයනා ගමගේ සජබයෙන් ඉවත් කරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. පෙරේදා රැස් වූ පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණය ගෙන තිබේ. 20 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ අනෙක් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම , ඔවුන් සාමාජිකත්වය දරන හවුල්කාර පක්ෂවලට පැවරීමට ද එහිදී තීරණය වී ඇති…

|

කොළඹ කොරෝනා පාලනය ෆේල් – වෛද්‍ය ජයරුවන් බන්ඩාර

කොළඹ නගර සීමාව තුළ කොරෝනා පැතිරීම පාලනය කරගත නොහැකි තරමට බරපතල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර පවසයි. ඊයේ (12) නිකුත් වූ රජයේ නිළ වාර්තා අනුව කොළඹ නගරසභා සීමාව තුළ අහඹු ලෙස සිදුකල PCR පරික්ෂණවලින් 05%ක ප්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් එම සංඛ්‍යාලේඛන අනුව කොළඹ නගර සීමා බල ප්‍රදේශය අතිශය…

අදත් කොවිඩ් මරණ පහක් ; තිදෙනෙක් මියගියේ නිවසේ දී ; එක් අයෙක් මග දී

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වීය. ඉන් තිදෙනකු මියගොස් ඇත්තේ තම නිවෙස්වල දී ය. එක් අයෙක් රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටි බව වාර්තා වෙයි. මේ අනුව කොවිඩ් නිසා මෙරට දී මියගිය සංඛ්‍යාව 53 ක් දක්වා ඉහල ගොස් ඇත

අදත් ආසාදිතයෙන් 468ක් ; පොකුර 12,695 කට නගී

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 468 ක් හමු වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර මේ වනවිට ආසාදිතයින් 12,695 ක් දක්වා ඉහල ගොස් ඇත .