මිරිහානේ සිදුවීමෙන් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වුණා – එන සතියේ පාර්ලිමේන්තුවෙන් විසඳුමක දිය යුතුයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මිරිහානේ ඊයේ සිදු වූ උද්ඝෝෂනයත් සමග මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූ බවත්, එයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බවත්, එන සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට එම කාර්යය ඉටු කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මිරිහානේ සිදුවීම ත්‍රස්තවාදී හෝ ජාතිවාදී හෝ ක්‍රියාවක් නොවන බවත්,…

අද කොවිඩ් මරණ 2 යි ; නව ආසාදිතයින් 150 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 2 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 150 කි. ඊයේ දිනයේ වාර්තා වී තිබු කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වූ අතර හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 178 ක් ව තිබිණි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,479…

බාරකාර ආණ්ඩුවක් නැත්නම් ආණ්ඩුවෙන් යනවා – ශ්‍රීලනිපය කියයි

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා වහා ම බාර කර ආණ්ඩුවක් පත්කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් තම  පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කොට බාරකාර ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ යුතු බව එම පක්ෂය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ…

බස්නාහිර පලාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාත තුළ අද රෑ 12.00 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. එය හෙට උදේ හය දක්වා ක්‍රියාත්මක වෙයි.

කැබිනට් මණ්ඩලය විසුරුවා අන්තර් පාලනයක් පිහිටුවන්න – ආණ්ඩුවේ පක්‍ෂ දහය

  වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ පක්‍ෂ දහය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (1) පැවසීය. පක්‍ෂ දහය එකමුතුව හැටියට ජනාධිපතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනට කරන පක්‍ෂ සමඟ සාකච්ඡා කර අන්තර්කාලීන පාලනයක්…

මිරිහාන සිදුවීමේදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ජන විරෝධතා වාර්තා කිරීම සඳහා එහි ගොස් සිටි ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව වාර්තා වේ. එලෙස අත්අඩංගුවට පත්ව සිටින ඇතැම් මාධ්‍යවේදීන් පොලිස් පහර දීම්වලට ලක්ව ඇති බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් සමග පවසා ඇත.   එලෙස පහර දීමක් සිදුව ඇත්නම් එය බරපතල  මානව හිමිකම් උල්ලංඝනයක් වන අතර…

තුන්වෙනිදා විරෝධතාවය ගැන දේශපාලනයේ පිල් තුනක්

නිර්නාමික පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රේල් 3 වැනිදා කැඳවා ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳව දේශපාලන පක්ෂවල ප්‍රතිචාර අනුව පෙරමුණු තුනක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙම විරෝධතාවයට නායකත්වය දීමට එක්වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රාජිත සේනාරත්න මහතා ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, එය එම පක්ෂය…

‘ගැටුම් පසෙකලා සියලු දෙනා එක්විය යුතුයි ‘ – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය

  රට මුහුණ පා ඇති බරපතල අර්බුදයට මේ දක්වා බලයට පත්වූ සියලු රජයන් විවිධ මට්ටමින් වගකිව යුතු බැවින් මේ මොහොතේදී වත්මන් රජය මෙන්ම විපක්‍ෂය හා හවුල්කාර පාර්ශවකරුවන්ද සමාදානමය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ අවස්ථාවේ ඔවුන් අනුගමනය කළ යුත්තේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන්…

ප්‍රපාතයට යන දුම්රිය සේවය –  අනුර කේ එදිරිසූරිය 

මාර්තු 23 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු ඉහළ නංවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තු ඉහළ නැංවිය යුතුයැයි දුම්රියට සම්බන්ධ වෘත්තීය  සමිතියක් ද  මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ ක⁣ළේය. ඒ අතර දුම්රියට සම්බන්ධ තවත් වෘත්තීය සමිතියක් කියන්නේ ගාස්තු වැඩි කිරීමට එරෙහිව තමන්…

තවත් කොවිඩ් මරණ 4 ක් , නව ආසාදිතයින් 232 ක් වාර්තා වෙයි

  තවත් කොවිඩ් මරණ 4 ක් සහ නව ආසාදිතයින් 232 ක් අද දිනය තුළ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,469 ක් ලෙස සටහන් වී ඇත. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 661,285 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

‘අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් වේවි‘ – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අගමැති වන බවට රට පුරා කට කතා පැතිර යන්නේ එම කරුණ…

‘අයි.එම්.එෆ් වාර්තාවේ විවාදයට දින දෙකක් ඕනෑ‘ – රනිල්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය එක් දිනකට සීමා නොකර දෙදිනක් පැවැත්විය යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙි. එමෙන්ම අදාල විවාදය මුදල් ඇමතිවරයා විසින් ආරම්භ කළ යුතු බවට ද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා…