උද්ධමනය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ. පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය. මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ. 2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය. අද දෙරණ 

විදුලි, තැපැල්, ගුරු වෘත්තීය සමිතිත් ර්වජනයෙන් ඉවත්වෙයි

හෙට එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට මුලිකත්වය ගෙන ක්‍රියාකළ විදුලි, තැපැල් සහ ගුරු වෘත්තීය සමිති ද හෙට දින වැඩ වර්ජනය අතහැර ඇති බව අද ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ දුම්රිය වෘත්තීය සමිති ද වැඩ වර්ජනය නොකරන බව මීට පෙර වාර්තා කළේය. ප්‍රවාහන සේවයේ කිසිදු වැඩ වර්ජනයක් හෙට දිනයේ ක්‍රියාත්මක නොවේ. ඛනිජ…

දුම්රියත් වර්ජනයට නැහැ ; උද්ඝෝෂණ පමණයි ; කාම පැයේ උද්ඝෝෂණයට වෘත්තිය සමිති 29 ක් එක් වෙයි

  වෘත්තීය සමති ගණනාවක් විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනයට සහභාගී නොවී උද්ඝෝෂණවල පමණක් යෙදීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කොට තිබේ. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින්  උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දින කෑමපයේ දී සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඒ අනුව දුම්රිය රියදුරු,  නියාමක,…

උද්ඝෝෂණවලට එරෙහිව සංචාරක ව්‍යාපාරය නැගී සිටිය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

  රටේ උද්ඝෝෂණ ඇති කිරීමෙන් පහර වදින්නේ සංචාරක ව්‍යාපාරයට බවත්, එම උද්ඝෝෂණවලට එරෙහිව සංචාරක කර්මාන්තයේ නියලී සිටින පිරිස් නැගී සිටිය යුතු බවත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. උද්ඝෝෂණ පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය ආවරණ නිසා සංචාරකයින් මෙරටට පැමිණීමට බිය වන බවත්, එය සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින අයගේ ජීවනොපායට පහර වදින බව…

බැඳුම්කර නඩු දෙකෙන්ම රවී නිදහස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාදි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කළ නඩු දෙක පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දූ කරමින් අභියාචනාධිකරණය විසින් අද(28) නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කළේය.   රවි කරුණානායක විසින් මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින්…

රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනය නොකරයි ; උද්ඝෝෂණ පමණයි

  වෘත්තීය සමිති ගණනාවක් විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනයට සහභාගී නොවී උද්ඝෝෂණවල පමණක් යෙදීමට එම වෘත්තීය සමිති   එකමුතුවේ ප්‍රධාන පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය තීරණය කොට තිබේ. තම සාමාජිකයින් හෙට දිනයේ නැවුම් සහ ශක්තිමත් ප්‍රවේශයකින් සහය දෙන බව එම සංගමය ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කොට ඇති නිවේදනය මෙසේ…

වීරත්වය කියන්නේ මෝඩකමට බෙල්ල දීම නොවෙයි ; කඩයක් ඇතුලට ගියේ ආරක්‍ෂාවටයි – අනුර

ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර ශාලාව ප්‍රදේශයේ පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ තමන් ඒ අසල තිබූ කඩයක් ඇතුලට ගියේ ආරක්ෂාව සඳහා බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. තමන් පමණක් නොව තමන් සමඟ සිටි පිරිසක් ද එම අවස්ථාවේ එම ක්‍රියාමාර්ග එකක් බවද හෙතෙම සඳහන් කළේය….

වරාය , දුම්රිය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරයි

  වරාය , දුම්රිය ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස අති විශ්ෂ ගැසට් පත්‍රයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මීට පෙර නිකුත් කළ ගැසට් මගින් අත්‍යවශ්‍ය කර තිබු සේවාවන්ට අමතරව අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් නව ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ. මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා…

QR එකවර ඉවත් කරන්නේ නැහැ ; කෝටාව වැඩි කරනවා – ඇමති කාංචන විජේසේකර

  ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කොට ඇති QR ක්‍රමය එකවර ඉවත් නොකරන බවත්, ඉන්ධන සැපයුමේ හැකියාව අනුව කෝටාව ක්‍රමයෙන් වැඩි කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. QR ගැන තීරණ ගන්නේ බලශක්ති අමාත්‍යාංශය බවත් එය ඉවත් කිරීමේ දිනයක් මෙතෙක් තීරණය කොට නැති බවත්, ඇමතිවරයා කියයි.

විදුලි බිල වැඩිකළ හැටියේ රතු බිල් කොහෙන්ද ? මාධ්‍යයේ බොරු ප්‍රචාර කාගේ මෙහෙයුමකද ?

  විදුලි කැපීමේ රතු බිල් පෙන්වමින් සහ විදුලි බිල් ගෙවීමට ජනතාවට කන කර උකස් කරන්නට සිදුවී ඇති කියමින් ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවත්, නව මිල යටතේ එකම විදුලි බිලක් වත් නිකුත් කොට නැති බවත්, විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ පෙන්වා දෙති. විදුලි බිල ගෙවීමට වතුකරයේ ජනයාට කන කර උගස් කරන්නට සිදු වී ඇතැයි මාධ්‍යයෙන් ප්‍රකාශ…

ඉන්ධන QR ක්‍රමය අප්‍රේල් 10 දා සිට ඉවතට

  ඉන්ධන බෙදාහැරීමේ සඳහා හඳුන්වා දී තිබු QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10 දින සිට ඉවත් කිරීමට සැලසුම් කොට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ උපදෙස් පරිදි අවුරුද්දට පෙර එම ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කොට ඇත. සපුගස්කන්ද පිරිපහදුව නොකඩවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොර තෙල් මේ වනවිට ලැබෙමින් පවතියි. රටේ ඩොලර් හිගය…

රනිල්ගේ ජාතික සන්ධානය ළඟදීම ; කොළඹ දී මහ සමුළුවක් !

  ආණ්ඩුවට සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇති සියලු පක්ෂ හා කණ්ඩායම් එක්සත් කොට පක්ෂ සන්ධානයක් ළඟදීම ප්‍රක්ෂයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එම පක්ෂ සන්ධානය එලි දැක්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මහා සමුළුවක දී සිදු කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින…