රනිල්ගේ ජාතික සන්ධානය ළඟදීම ; කොළඹ දී මහ සමුළුවක් !

 

ආණ්ඩුවට සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇති සියලු පක්ෂ හා කණ්ඩායම් එක්සත් කොට පක්ෂ සන්ධානයක් ළඟදීම ප්‍රක්ෂයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම පක්ෂ සන්ධානය එලි දැක්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මහා සමුළුවක දී සිදු කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව ද කියති.

සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අද බදුල්ලේ පැවති රැස්වීමක දී ඒ පිළිබද ඉඟියක් දෙමින් ප්‍රකාශ කළේ එදිරියේ හදන සන්ධානයට සමගි ජන බලවේගයෙන් ද කිහිප දෙනෙකු එක්වනු ඇති බව යි.

පාර් ලිමෙන්තුවේ පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් මෙම සන්ධානයට එක් වන බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *