මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වෙන්න සුදානමින් ?

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය බාරගත් සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තනතුරින් ඉල්ලා අස්වන ලෙස පක්ෂයෙන් එල්ල වූ බලපෑම් හමුවේ ආණ්ඩුවට සම්බන්ධ වීමේ සුදානමක් ඇති බව දැනගන්නට ඇත.
සමගි ජන බලවේගය දිගට ම තමන්ට කෙනෙහිලිකම් කළ බවත්, තවදුරටත් එය ඉවසා සිටිය නොහැකි බවත්, ඒ මහතා සිය හිතවතුන්ට ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තමන්ට වගකීම් නොපවරා දිගට ම තමා කොන් කර තිබු බව යි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති තනතුර දැරීමට තමන්ට ද සියලු සුදුසුකම් ඇති බවත්, පක්ෂය එයට සහය නොදෙන්නේ නම් එබඳු පක්ෂයක දිගට ම සිටීම තේරුමක් නැති බවත්, දිසානායක මහතා ප්‍රකාශ කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.
