QR එකවර ඉවත් කරන්නේ නැහැ ; කෝටාව වැඩි කරනවා – ඇමති කාංචන විජේසේකර

ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කොට ඇති QR ක්‍රමය එකවර ඉවත් නොකරන බවත්, ඉන්ධන සැපයුමේ හැකියාව අනුව කෝටාව ක්‍රමයෙන් වැඩි කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
QR ගැන තීරණ ගන්නේ බලශක්ති අමාත්‍යාංශය බවත් එය ඉවත් කිරීමේ දිනයක් මෙතෙක් තීරණය කොට නැති බවත්, ඇමතිවරයා කියයි.
