විදුලි බිල වැඩිකළ හැටියේ රතු බිල් කොහෙන්ද ? මාධ්‍යයේ බොරු ප්‍රචාර කාගේ මෙහෙයුමකද ?

විදුලි කැපීමේ රතු බිල් පෙන්වමින් සහ විදුලි බිල් ගෙවීමට ජනතාවට කන කර උකස් කරන්නට සිදුවී ඇති කියමින් ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවත්, නව මිල යටතේ එකම විදුලි බිලක් වත් නිකුත් කොට නැති බවත්, විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
විදුලි බිල ගෙවීමට වතුකරයේ ජනයාට කන කර උගස් කරන්නට සිදු වී ඇතැයි මාධ්‍යයෙන් ප්‍රකාශ කරන නමුත් ඒකක 30ක් පමණ පරිභෝජනය කරන ඔවුන්ට නව මිල යටතේ වුවත්, ලැබෙන උපරිම බිල රුපියල් 1300 කට වැඩි නොවන බවත්, එමින්ජිනේරුවෝ කියති.
බිල් නිකුත් කරන්නටත් පෙර මෙබඳු ප්‍රකාශ මාධ්‍යයේ පලවීම මගින් මෙය අමුලික බොරු ප්‍රචාරය කිරීමක් බව තහවුරු වන බවත්, මෙය දේශපාලන ප්‍රචාරයක් බව පැහැදිලි වන බවත්, ඔවුහු පෙන්වා දෙති.
