පහර දීමේ සිද්ධියකට රංජිත් සොයිසා ඇතුළු හතරක් රිමාන්ඩ්

පහර දීමේ සිද්ධියකට රංජිත් සොයිසා ඇතුළු හතරක් රිමාන්ඩ්

පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේදී පිරිසක් සමග එක්ව පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය ඊයේ (20) නියෝග කළාය. අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති…

ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි –  කුමාර වෙල්ගම
|

ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – කුමාර වෙල්ගම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා “දි අයිලන්ඩ්” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක්…

ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා –  නලීන් බණ්ඩාර
|

ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා – නලීන් බණ්ඩාර

ඇමැති මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද යන්න ලේඛණය සකස් කර එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතියට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් නොකරන ලෙසත්…

කිසිවකුට පාගා දැමිය නොහැකි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් හදනවා – අගමැති

කිසිවකුට පාගා දැමිය නොහැකි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් හදනවා – අගමැති

  ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක්. ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැති බව මම අවධාරණය කරන්නට කැමතියි. ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් රැකගැනීමට මේ රටේ බොහෝ දෙනා එකට එකතුවුණා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්, මේ සටනට හැකි ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දුන්නා. ඔවුන් හැමදෙනාම මේ සටනට එකතුවූයේ පෞද්ගලික න්‍යායපත්‍ර උදෙසා නොවෙයි. රට වෙනුවෙන්…

ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී මහින්ද ගමේ යයි

ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී මහින්ද ගමේ යයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට විජේරාම නිල නිවසේ දී ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් යොදා දෑත් එක්කර වැද ජයවේවා! යයි පැවසූ හිටපු ජනපති මෙන්ම පසුගියදා පත් වූ නීත්‍යනුකූල නොවන ආණ්ඩුවේ අගමැතියයි කියාගත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ  හවස තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව ගිය බවට වාර්තා වේ. බිනර

රවී මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට යන බවට පලවන පුවත ජනාධිපති කාර්යාලයේ නිර්මාණයක්

රවී මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට යන බවට පලවන පුවත ජනාධිපති කාර්යාලයේ නිර්මාණයක්

රවී කරුණානායක මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට යන බවට පලවන පුවත ජනාධිපති කාර්යාලයේ නිර්මාණයක් බව තතු දත් ආරංචි මාර්ග කියයි . එය ඇතැම් ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ පිරිසක් විසිනි . එජාපෙ හිතවතුන් අතර ගැටුම් ඇතිකිරීම මෙම පුවත ප්‍රචාරය කිරීමේ අරමුණ බව කියති . මීට පෙරද ජනාධිපති කාර්යාලය විසින් එක්තරා පුවත් පත්…

ජනපති ඝාතන කුමන්ත්‍රණය අතේ රෝලක් බව පොලිසියම කියයි

ජනපති ඝාතන කුමන්ත්‍රණය අතේ රෝලක් බව පොලිසියම කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මාස තුනකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ බවද ඔහු එම පුවත්…

රනිල් හෙට උදේ 10ට අගමැති ධූරයේ දිව්රුම් දෙයි – රනිල්  සහ ජනාධිපති අතර දුරකථන සංවාදයක්

රනිල් හෙට උදේ 10ට අගමැති ධූරයේ දිව්රුම් දෙයි – රනිල් සහ ජනාධිපති අතර දුරකථන සංවාදයක්

    රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) උදේ 10ට   අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි . රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවතී දුරකථන සංවාදයකින් පසු මෙම දින යොදාගැනීම සිදුව ඇත. නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ…

රනිල්ගේ නව ආණ්ඩුව සදුදාට පෙර පත්කරන බව ජනාධිපති කියයි .

රනිල්ගේ නව ආණ්ඩුව සදුදාට පෙර පත්කරන බව ජනාධිපති කියයි .

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පිරිසට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදෙන බවත් ශ්‍රීලනිප හෝ සන්ධානය එයට සම්බන්ධ නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ තම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කොට ඇත . රනිල් සමග සභාග ආණ්ඩු කරන්න යෝජනා ගෙන එන්න එපා කි ජනාධිපති තුමා රනිල්ගේ ආණ්ඩුවට සම්බන්දවන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ද ප්‍රකාශ කොට ඇත ….

කිසිම කොන්දේසියක් නෑ – එම්. ඒ. සුමන්දිරන්

කිසිම කොන්දේසියක් නෑ – එම්. ඒ. සුමන්දිරන්

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ප්‍රකාශ කිරීමේදී කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කරයි.  ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. “කොන්දේසි මොනවත් නෑ. එනමුත් අපේ ජනතාවගේ ප්‍රශ්න කීපයක් සම්බන්ධව අපි හැම එක්කෙනා එක්කම කතා කරලා…

පාර්ලිමේන්තුව විසුරුවීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4.00ට.

පාර්ලිමේන්තුව විසුරුවීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4.00ට.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිම් පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (13) පස්වරු 4.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද සවස 4.00ට ශ්‍රේෂ්ඨාධිකරණ කාමර අංක 502 හිදී අදාළ තීන්දුව…

එජාපයට ආණ්ඩුව දෙන්නයි ජනතාවගෙන් සියයට 85.35ක් කියති

එජාපයට ආණ්ඩුව දෙන්නයි ජනතාවගෙන් සියයට 85.35ක් කියති

වත්මන් තත්ත්වය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුත්තේ එජාප අගමැතිවරයකු පත්කොට ඔවුන්ට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදීම බව ජනතාවගේ ඇති බහුතරයගේ මතය වී තිබේ . Daily Mirror පුවත්පත කළ ජනමත සමීක්ෂණයකදී ජනතාවගෙන් සියයට 85.35ක් මේ බව ප්‍රකාශ කොට ඇත . ශ්‍රීලනිප හෝ පොදුජන පෙරමුණෙන් නව අගමැතිවරයෙකු පත්කළ යුතු බව සියයට 11.54කගෙ මතය වී ඇත ….