රනිල්ගේ නව ආණ්ඩුව සදුදාට පෙර පත්කරන බව ජනාධිපති කියයි .
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පිරිසට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදෙන බවත් ශ්‍රීලනිප හෝ සන්ධානය එයට සම්බන්ධ නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ තම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කොට ඇත . රනිල් සමග සභාග ආණ්ඩු කරන්න යෝජනා ගෙන එන්න එපා කි ජනාධිපති තුමා රනිල්ගේ ආණ්ඩුවට සම්බන්දවන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ද ප්‍රකාශ කොට ඇත .
එජාප දේශපාලනයට එරෙහි තම සටන දිගටම කරගෙන යන බවත් එහිදී තම කණ්ඩායමේ සියලු දෙනා එකට සිටීම තම අපේක්ෂාව බවත් ජනාධිපති තුමා වැඩි දුරටත් ප්‍රකාශ කළ බව ද වාර්තා වෙයි .
සදුදට පෙර නව ආණ්ඩුව පත්කරන බව ද එහි දී ප්‍රකාශ කොට ඇත .
