මහින්දගේ අගමැති තහනම තව දුරටත්. පෙත්සම් විභාගය ජනවාරි 16, 17, 18

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය අභියාචනය විභාග කෙරෙන තෙක් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එය විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුවක් බව වාර්තා වේ.

පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබෙන අතර එම තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස ලැබී ඇති බවයි වාර්තා වන්නේ. විජිත් මළල්ගොඩ මහතා වෙනස් තීරණයක පිහිටා සිටි බව සඳහන්.

පෙත්සම් විභාගය ජනවාරි 16, 17, 18 දිනවල පැවැත්වීමට නියමිතව ඇත.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය කිරීමට අවශ්‍ය නම් අදාළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙන ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *