ධුරවලින් ඉල්ලා අස්වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන්…

රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානිට තර්ජනය කළේයැයි කොටුව පොලිසියට පැමිණිල්ලක්

  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට තර්ජනය කළ බව පවසමින් මෙම පැමිණිල්ල කර ඇත.   “කෝටි 90ක් තිබුණු වෛද්‍ය සාෆිට යහපාලන රජය වුණත්…

දිගටම සිටි දේශපාලන පක්ෂ 10ක් පොහොට්ටුවට යලි එක්වේ ; විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්ෂ අටක ප්‍රබලයන් රැසක් වර්ජනයේ

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පක්ෂය වෙනුවෙන් මෙම ගිවිසුම් වලට අත්සන් තබා තිබේ. මෙහි විශේෂත්වය නම් මෙම පක්ෂ මීට පෙර මැතිවරණ වලදීද මහින්ද රාජපක්ෂ…

තිස්සගෙ දුවට විදේශ පත්වීමක් පත්වීම පිටුපස දේශපාලන ගේමක් !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ දුව වන දුල්මිණි අත්තනායක මෙනවියට ඔසුට්‍රේලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවන ලේකම්වරිය වශයෙන් රැකියාවක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය (23)අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට අනුමැතිය ලැබී ඇත. මීට පෙර මේ යෝජනාව කැබිනට්…

පරමාදර්ශි දේශපාලන සංධානය නමින් නව දේශපාලන සංධානයක් 29 වන දා ජනගතවේ

පරමාදර්ශි දේශපාලන සන්ධානය  නමින් නව දේශපාලන සංධානයක් ලබන 29 වන සඳුදා පිහිටුවා ගැනීමට නියමිතය. එම සංධානයේ මූලික සාකච්ඡා මේ වන විට නිමවී ඇති අතර එය ජනගත කිරීමේ උත්සවය මෙම මස 29 වන සඳුදා පස්වරු 02.00ට කොළඹ 7 නව නගර ශාලාවේ දී ආරම්භ වේ.  මේ වන විට මෙම සංධානයට ලියාපදිංචි දේශපාලන පක්ෂ 7ක් සහ ලියාපදංචිය අපේක්ෂිත…

1990 සුවසැරියට වසර 3යි

රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය. මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු…

වෛද්‍ය සාෆි පිළිබඳ නඩුවෙහි 2019-07-25 දින සංක්ෂිප්ත වාර්තාව

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොණු කරන ලද නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මැතිතුමන් ඉදිරිපිට අද කැදවන ලදී. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා ඇතුලු නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් නීතිඥ ජයප්‍රෙම බී තෙන්නකෝන් මහතා…

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා-රුවන් ගුණසේකර

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට බාධා කිරිමේ චෝදනාව යටතේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටයුතු වලට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරියේදී…

සන්ධානගත පක්ෂ එකතුවට පොහොට්ටුවේ විරෝධයක්

පොදු ජන පෙරමුණ පසුගිය සිකුරාදා (26) ඉතා කුඩා සුළු පක්ෂ සමඟ සන්ධානගත වීම පිළිබඳව එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනය සහිත පක්ෂ නායකයන් විරෝධය පළ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සිළුමි ට පැවසීය. මේ හේතුව නිසාම සුළු පක්ෂ සමඟ සන්ධාන ගත වීමේ ගිවිසුම් අත්සන් කෙරුණු පසුගිය සිකුරාදා උත්සව අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,…

බෝම්බ ප්‍රහාර එල්ල වූ දවසේ ටාජ් සමුද්‍රා හෝටලයේ වැදගත් කිසිවෙකු හිටියේ නැ.දයාසිරි කිව්වේ බොරු –

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කල දින ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදියා එම බෝම්බ ප්‍රහාරයෙන් වැලකි සිටියේ එහි සිටි දේශපාලනඥයෙකු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කල ප්‍රකාශය අසත්‍ය තොරතුරක් බවට හෙළිව තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ජයෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ප්‍රකාශ කලේ පාස්කු…

මසකට වාහන 5000ක් එකලස් කරන මහේන්ද්‍රා කම්හල ලබන මස විවෘත වෙයි.

ශ්‍රීලංකාවේ අයඩියල් මෝටර්ස් සමගම සහ ඉන්දියාවේ මහේන්ද්‍රා සමාගම එක්ව ඉදිකළ වාහන එකලස් කිරීමේ කම්හලේ නිෂ්පාදන කටයුතු ලබන අගෝස්තු 17 දා ආරම්භ කරන බව අයඩියල් මෝටර්ස් සමාගම කියයි. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ මෙම කම්හල ඉරිකොට ඇත්තේ ඇමරිකානු දොළ මිලියන 500 ක ආයෝජනයකිනි. කර්මාන්ත ශාලාවේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇති බැවින් මේ වන විට අත්හදාබැලීමේ කටයුතු සිදු කරන…

CID ප්‍රධානියාගේ පිළිතුරෙන් විජේදාසගේ බොරුව හෙළිවෙයි

මාවනැල්ලේ බුදු පිළිමවලට පහර දුන් ත්‍රස්තවාදීන් තමා නිදහස් කර බවත්, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවට අදාලව කොළඹ ‘ෂැංග්‍රිලා’ සහා ‘සිනමන්ග්‍රෑන්ඩ්’ යන හෝටල් දෙකේ බෝම්බ පුපුරවාගත්තේ තමා නිදහස් කරපු ත්‍රස්තවාදීන් දෙදෙනෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා තමන්ට චෝදනා කළ නමුත් මාවනැල්ලේ සිද්ධියට අදාලව පැහැදිලි සාක්ෂි නොමැති කම නිසා තමා නිදහස් කර සැකකරුවන් දෙදෙනා 21 ප්‍රහාරයට…