1990 සුවසැරියට වසර 3යි

රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු නෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූ අතර යසිරුගේ තුන්වන උපන් දිනය මෙහිදී උත්කර්ශවත් අයුරින් සැමරීමද කැපී පෙනුණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ගතවූ වසර තුනක කාලය තුළදී සුවසැරිය මඟින් පුද්ගලයින් දෙලක්ෂ දාහත් දාහක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මෙම ගණන සාමාන්‍ය අගයක් විදිහට බැලුවොත් මේ වසර 03 තුළ සෑම දිනයකම අපි පුද්ගලයින් 200 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. 

මෙම ප්‍රමාණය මේ වනවිට දිනකට 700 ක් දක්වා වැඩිවී තිබෙනවා. 

1990 සුවසැරිය තමයි මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව. 

ලංකාවේ කොහේ හිටියත් අපි රෝගියෙකු වෙත විනාඩි 12 කට අඩු කාලයකදී ඇවිල්ලා තිබෙනවා. 

මේ වේගය මාර්ග අපහසුතා අඩු නාගරික ප්‍රදේශවල මීටත් වඩා වැඩියි.“   

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *