දිගටම සිටි දේශපාලන පක්ෂ 10ක් පොහොට්ටුවට යලි එක්වේ ; විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්ෂ අටක ප්‍රබලයන් රැසක් වර්ජනයේ

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පක්ෂය වෙනුවෙන් මෙම ගිවිසුම් වලට අත්සන් තබා තිබේ. මෙහි විශේෂත්වය නම් මෙම පක්ෂ මීට පෙර මැතිවරණ වලදීද මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් පක්ෂ වීමයි .

හේමකුමාර නානායක්කාර මහතාගේ මව්බිම ජනතා පක්ෂය, කරුණා අම්මාන්ගේ තමිළ එක්සත් නිදහස් පෙරමුණ,  ලංකා කම්කරු එක්සත් පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහ සභාව, භූමි ප්‍රත්‍ර පක්ෂය යන පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වමලට එළැඹී ඇති පක්ෂයි.

මෙම අවස්ථාවට සහභාගිවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබුණත් පොහොට්ටුව සමඟ අත්වැල් බැඳගෙන සිටින පක්ෂ 8ක්  එම අවස්ථාවට සහභාගි වී සිටීමෙන් වැළකී සිටියේය.

මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම අවස්ථාව වර්ජනය කළ පක්ෂයි.

විමල්, ගම්මන්පිල ආදීන් දැඩි ලෙස කරුණා අම්මාන් පාර්ශ්වය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අය වෙති.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *