පරමාදර්ශි දේශපාලන සංධානය නමින් නව දේශපාලන සංධානයක් 29 වන දා ජනගතවේ

පරමාදර්ශි දේශපාලන සන්ධානය  නමින් නව දේශපාලන සංධානයක් ලබන 29 වන සඳුදා පිහිටුවා ගැනීමට නියමිතය. එම සංධානයේ මූලික සාකච්ඡා මේ වන විට නිමවී ඇති අතර එය ජනගත කිරීමේ උත්සවය මෙම මස 29 වන සඳුදා පස්වරු 02.00ට කොළඹ 7 නව නගර ශාලාවේ දී ආරම්භ වේ.

 මේ වන විට මෙම සංධානයට ලියාපදිංචි දේශපාලන පක්ෂ 7ක් සහ ලියාපදංචිය අපේක්ෂිත පක්ෂ 13 ක් හා සිවිල් සන්ධාන රැසක්  සම්බන්ධ වී ඇති බවට ආරංචි මාර්ග කියයි. මෙම ලියාපදිංචි පක්ෂ හා සංවිධාන අතර උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ රැසක් ද ඇති බව සන්ධානයේ ක්‍රියාධරයකු වන ලක්ෂ්මන් ඩී. මුතුවාහන්දි මහතා පවසයි.

ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මෙහි කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන අතර අතාවුද සෙනෙවිරත්න, තිස්ස අත්තනායක, රෙජිනෝල්ඩ් කුරේ, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මෙහි ක්‍රියාධරයින් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන  බව පැවසේ. මෙම සංවිධානයට සුබපැතීම සඳහා එදිනට දිනේෂ් ගුණවර්ධන ඇතුළු පක්ෂ නායකයන් රැසක් සහභාගිවනු ඇතැයි සංවිධායකවරු පවසති.

මෙය යූ.එන්.පී. විරෝධි පෙරමුණක් ලෙස පෙනී සිටින මෙම සංවිධානයේ අරමුණ නිදහසින් පසුව මෙතෙක් කිසිම රජයකින් ඉටු නොකළ ජනතා බලාපොරොත්තු මීළඟට බලයට පත්වෙන ජනාධිපතිවරයා හා ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීම බව එම සංවිධානයේ ක්‍රියාධරයින් පවසයි.  

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *