තිස්සගෙ දුවට විදේශ පත්වීමක් පත්වීම පිටුපස දේශපාලන ගේමක් !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ දුව වන දුල්මිණි අත්තනායක මෙනවියට ඔසුට්‍රේලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවන ලේකම්වරිය වශයෙන් රැකියාවක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය (23)අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට අනුමැතිය ලැබී ඇත.

මීට පෙර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා  ඉදිරිපත් කළ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප වී ඇති බවත් වැටුප් හා සේවක සංඛ්‍යා ලේඛන කොමිෂන් සභාවේ අනුමැතිය මත පසුව එම පත්වීම අනුමත වූ බවත් වාර්තාවේ. දුල්මිණි අත්තනායක විදෙස් අධ්‍යාපනය ලැබූ තැනැත්තියකි.

මැතිවරණ රැසක් ආසන්නයේ තිස්ස අත්තනායක මහතා යළි කරළියට පැමිණ ඒ මහතා ද පාර්ශ්ව  කරුවකු වී ගොඩනැගීමට යන ‘පරමාදර්ශී දේශපාලන සංධානයේ’ අරමුණ කුමක් ද යන්න ද ප්‍රශ්නයකි . ඔවුන් විසින් එය ස්වාධීන සංවිධානයක් ලෙස හැඳින්වුවත් ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය වී තිබෙන්නේ ලබන 29 වන දා මෙම සංධානය පිහිටුවාගෙන අගෝස්තු 11 වන දා පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන්ද කියා ප්‍රකාශ කොට දින කිහිපයක් ගෙවීගිය පසු පක්ෂ කිහිපයකම අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කොට ප්‍රචාරාත්මක වාසියක් ලබාගෙන රටට ගැලපෙන අපේක්ෂකයා පොහොට්ටුවේ අපේක්ෂකයා යැයි ප්‍රකාශකොට පසුව එම අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට දායක වී එම අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් ප්‍රතිලාභ ලබාගැනිම බවට විශ්වාසයක් පවති . මෙම සංධානයේම ප්‍රබලයන් පිරිසක් පොහොට්ටුවට හේත්තු වීමේ වැඩ පිළිවෙලට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වෙයි.

බහුතර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙනුයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයට නිසා එම ඡන්ද පදනමට ප්‍රහාර එල්ල කර එම ඡන්ද පොහොට්ටුවට ලබාගැනීම මෙම සංධානය ගොඩනැගීමේ අරමුණ වී ඇති බව පෙනෙන්නට තිබේ . ඔවුන් මෙම සංධානයට උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් සිවිල් සංවිධාන වැඩි වැඩියෙන් සහභාගි කර ගැනීමට උත්සුක වන්නේ එහෙයිනි.    

එහෙත් දුවගේ පත්වීම හරහා තිස්ස අත්තනායකලා ගේ නව දේශපාලන න්‍යායපත්‍රය වෙනස් කර ගැනීමට සිදුවනු ඇත්ද  නැතහොත් තිස්ස අත්තනායකට එම දේශපාලන සංධානයෙන් ඉවත් වීමමට සිදුවනු ඇත්ද යන්න පැහැදිලි නැත . කෙසේ වෙතත් මෙම පත්වීම පිටුපස දේශපාලන ගේමක් ඇති බව පෙනෙන්නට තිබේ .

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *