ශ්‍රී ලංකාවේ ණය ගැන එකඟතාවය පිළිගත හැකියි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ප්‍රකාශයක්

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය පිළිගත හැකි මට්ටමේ පවතින බවට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා ඇත්තේ, එමගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය…

හරීන් ක්‍රීඩා ගත් විගස මසකට ලක්ෂ 42 ක් ඉතිරි කරයි

    මසකට රුපියල් ලක්ෂ 42 ක වියදමකින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය ඇමති කාර්යාලය වස දැමීමටත්, අමාත්‍යංශයේ තමන්ට හිමි කාර්යාලය රාජ්‍ය ඇමති කාර්යාලය සඳහා භාවිතා කරන ලෙසත් නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ. තම කාර්යාලය භාවිතයට ගන්න ලෙස ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතාට ඒ මහතා උපදෙස් දී…

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කරයි

      වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි. මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වනදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබුණි. ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීන්දුයි

  ශ්‍රී  ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත. කෙසේ වෙතත්,  එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව ද වාර්තා වෙයි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැවූ ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලයි

අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ‍කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පිරිසක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙනි. නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසින්…

ලලිත්, ගාමිණී, ප්‍රේමදාස ගැන ජේ.ආර් කී අනාවැකිය ! – වජිර අබේවර්ධන හෙළිකරයි

ලලිත්, ගාමිණී, ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය. අප දේශපාලනය කරනවා නම්  කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී වජිර මන්ත්‍රීවරයා, ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ…

ඇමති රොෂාන් රණසිංහගේ රඟපෑම පරණ කෝන්තරයක් !

      හිටපු ක්‍රීඩා, .යෞවන කටයුතු සහ වාරිමාර්ග  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශනයක් පටලවාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග  ගැටුමකට ගියේ ක්‍රිකට් ප්‍රශ්නයක් මත නොව මහවැලි ඉඩම් තම හිතවතුන්ට දීමේ ඇමති වරයාගේ සැලසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරෙහි වීම මත ඇතිවූ ගැටුමක් නිසා බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. තම හිතවතුන්…

කැබිනට්ටුවෙන් ඉවත්කිරීමට පෙර ජනාධිපති ගෙන් රොෂාන්ට ප්‍රශ්න දෙකක්

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අඳාලව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්නදෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ ට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා 3 හි ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදි මෙම ලිපිය බාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අය…

නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ; වාරිමාර්ග පවිත්‍රා

    නව ක්‍රීඩා ඇමති ලෙස හරින් ප්‍රනාන්දු මහතා දිවුරුම් දී තිබේ. වාරිමාර්ග අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට යි. රෝෂන රණසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ඇමති තනතුරු සඳහා මෙම පත් කිරීම් සිදුකොට ඇත.

රොෂාන් රණසිංහ සියලු ඇමති ධුරවලින් ඉවතට

    ඇමති රොෂාන් රණසිංහ මහතා ඔහු දැරූ සියලු ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබ ඇත. ඒ අනුව ක්‍රීඩා ,යෞවන කටයුතු, සහ වාරිමාර්ග ඇමති ධුරාවලින් ඒ මහතා ඉවත් කොට තිබේ. ඒ සඳහා වන ලිපිය තමන්ට ලැබුණු බව රොෂාන් රණසිංහ මහතා කියයි.

ඩොලර් බිලියන 4.5 ක හම්බන්තොට පිරිපහදුව අද කැබිනට් අනුමැතියට

  ඩොලර් බිලියන 4.5 ක ආයෝජනයකින්  හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් මෙම පිරිපහදුව ඉදිකරනු ඇතග. මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එහි ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත….

|

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව…