හරීන් ක්‍රීඩා ගත් විගස මසකට ලක්ෂ 42 ක් ඉතිරි කරයි

 

 

මසකට රුපියල් ලක්ෂ 42 ක වියදමකින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය ඇමති කාර්යාලය වස දැමීමටත්, අමාත්‍යංශයේ තමන්ට හිමි කාර්යාලය රාජ්‍ය ඇමති කාර්යාලය සඳහා භාවිතා කරන ලෙසත් නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ.

තම කාර්යාලය භාවිතයට ගන්න ලෙස ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතාට ඒ මහතා උපදෙස් දී තිබේ.

සංචාරක ඇමති ලෙස තමන්ට ලැබී ඇති කාමරයේ සිට ක්‍රීඩා ඇමති ධුරයේ කටයුතු ද මෙහෙයවන බව හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්තුමාට දැනුම් දී තිබේ.

මෙයින් ක්‍රීඩා අමාත්‍යංශයට ලක්ෂ 42 ක කුලී ගෙවීමේ ඉතිරියට අමතරව නඩත්තු ප්‍රවාහන වැනි වෙනත් වියදම් ඉතිරියක් ද සිදුවන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *