ඇමති රොෂාන් රණසිංහගේ රඟපෑම පරණ කෝන්තරයක් !

 

 

 

හිටපු ක්‍රීඩා, .යෞවන කටයුතු සහ වාරිමාර්ග  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශනයක් පටලවාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග  ගැටුමකට ගියේ ක්‍රිකට් ප්‍රශ්නයක් මත නොව මහවැලි ඉඩම් තම හිතවතුන්ට දීමේ ඇමති වරයාගේ සැලසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරෙහි වීම මත ඇතිවූ ගැටුමක් නිසා බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තම හිතවතුන් පිරිසකට ඉඩම් ලබා දීමේ ඇමතිවරයාගේ උත්සහයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වළකා තිබේ. එය සිදු වී ඇත්තේ සමගි  ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

හිතවතුන්ට ඉඩම් ලබා දීමේ උත්සහයක් තමන් ජනාධිපතිතුමාට කරුණු දක්වා වැලක් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් ප්‍රශ්නයක් ඉදිරියට දමාගෙන ගැටුමකට ගියේ ඔහුගේ හිතවතුන්ට ඉඩම් බෙදීමට ජනාධිපතිතුමා ඉඩ නොදීම නිසා බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *