“මගේ වැඩේ මට කරන්න දෙන්න ” – ජානාධිපති විමල්ගේ කණ්ඩායමට කියයි.

තමන් ජනාධිපති ලෙස පත් වූ ජනවරම අනුව කටයුතු කරන බවත් , ඒ සඳහා සියලු දෙනාගේ සහාය තමන්ට ලබා දෙන ලෙසත් , ජානාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා,  ඊයේ තමන් හමුවීමට පැමිණි විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට ප්‍රකාශ කොට ඇත. රජයක් පවත්වාගෙන යාමේ දී අපහසු තීරණ ගැනීමට සිදුවන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා තමන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති…

අගමැති ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව ඇමතීම කපා හැරියාට පකිස්ථානය කනස්සල්ලෙන්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ලබා දී තිබු අවස්ථාව අහිමි කිරීම ගැන පකිස්තාන් රජය සිය කනස්සල්ල රාජ්‍යතාන්ත්‍රික මාර්ග වලින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙය පකිස්ථාන අගමැතිවරයාට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් මෙන් ම , ගෞරවයක් ද අහිමි කිරීමක් ලෙස පාකිස්ථාන රජය සලකන බව…

ගම්මන්පිලගේ තෙල් ටැංකි පවරා ගැනීමේ කතාවට අගමැති මහින්දගේ පිළිතුර – ’’පිස්සු !’’

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය යළි ශ්‍රී ලංකාවේ පාලනයට පවරා ගැනීම සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා එකඟ කරවා ගැනීමට තමන් සමත් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ පිළිබඳව ඊයේ (19) ගැටඹේ රාජෝපවනාරාමයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට අගමැතිවරයා තනි වචනයකින් පිළිතුරු දුන්නේ “පිස්සු !” යැයි කියමිනි. උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ…

තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 433 කි අලුතින් මරණ වාර්තා වී ඇත්තේ මාතලේ ,කලගෙඩිහේන සහ නුගේගොඩ ප්‍රදේශවලිනි.

අදත් කොවිඩ් ආසාදිතයින් 506 ක් ; එකතුව 78,904 යි

කොවිඩ් 19 ආසාදිතයින් 506 ක් අදත් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 78,904 ක් වී ඇත. වත්මන් රැල්ලේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 75,278 ක් වශයෙනි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට දෙන්න ඉන්දියාව එකඟ වී නෑ !

ඉන්දියානු තෙල් සමාගමට ( IOC ) ගිවිසුමකින් පවරා  ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කිසිදු එකඟත්වයක් පල කොට නැති බව ඉංදීය රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් වරයා එයට එකඟ වූ බව යි, එසේ වුව ද ඉන්දීය මහ කොමසාරිස් …

ඊයේ කොවිඩ් මරණ අටයි ; එකතුව 430 ක් වෙයි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ අටක් ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගියේ ය. ඊයේ දිනයේ මරණ වාර්තා වී ඇත්තේ දෙමටගොඩ , කොළඹ 08,මීගොඩ, රිදීමාලියද්ද , දෙකටන , කොළඹ 10, කෙසෙල්වත්ත සහ වත්තල ප්‍රදේශවලිනි.

අද කොවිඩ් ආසාදිතයින් 501 යි ; එකතුව 78,398 යි

අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 501 කි. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 78,398 ක් ලෙස සටහන් වෙයි. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 74,772 කි .

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා උපාය මාර්ගය අවුල් වෙයි ; විකල්ප යෝජනාවක් නැහැ ; රජයට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මත වන ලකුණු

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට යන බරපතල නිර්දේශ ඇතුලත් යෝජනාවට විකල්ප යෝජනාවක් ඉදිරිපත් නොවී ඒකමතිකව සම්මත වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ රජය පැත්තෙන් ගතයුතු පියවර කිසිවක් ගත නොහැකි වීම යි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල සහ රජයේ නිලධරීන්ට එරෙහිව සම්බාධක පැනවීම, එක්සත් ජාතීන්ගේ…

අද කොවිඩ් මරණ 13 යි ;වාර්තාගත වැඩි ම මරණ අදයි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ 13 ක් අද දිනයේ දී වාර්තා වී ඇත. මෙය එක් දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව යි. මේ සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ නුවරඑලිය, ආගරපතන,පෑලියගොඩ, බෝම්බුවල, කළුතර , නාගොඩ, මග්ගොන , උතුරු…

කොවිඩ් ආසාදිතයෝ 713ක් අදත් ; දැන් එකතුව 77,897 යි

කොවිඩ් 19 ආසාදිතයි 713 දෙනකු අදත් හඳුනාගනු ලැබූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77,897 කි . වත්මන් කොවිඩ් රැල්ලෙආසාදිත්යින් සංඛ්‍යාව 74,278 කි

ධම්මික පැනිය බිවුවාට විශ්වාසයක් නැහැ ; කතානායක කොවිඩ් එන්නත ලබාගනී !

කෑගල්ලේ ධම්මික වේද මහතාගේ පැනිය නියමිත මාත්‍රාවෙන් පානය කර සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා ගත්තේය. අද (17) මධ්‍යහ්න 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ. ඒ අතර ධම්මික පැනිය පානය කල තවත් මන්ත්‍රීවරුන් සිටින…