උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයට

තවත් උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංක දයාරත්න පැවසීය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කර ඇති බවත්, ඒ යටතේ රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන් වසරක පුහුණුවකින් පසු රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරුවල පිහිටුවීමට නියමිත බවත්…

මාකඳුරේ මධූෂ්ලංකාවට එවයි – කටුනායකදී CID අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ඔහු අද අලුයම 2,30 ට පමණ කටුනායකට පැමිණ ඇත . කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත⁣මේන්තුවේ නිලධාරීන්  විසින් අද (05) අළුයම ඔහු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් මූලස්ථානය පවසයි.

උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලයි

උතුර පළාතට පුමාණවත් හමුදා ආරක්ෂාවක් ලබාදෙන්නැයි දෙමළ ජාතික සංධානයේ මාවෙයි සේනාධිරාජා මහතා ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා තිබේ. මීට පෙර උතුරෙන් හමුදා ඉවත් කරන්නැයි ඉල්ලාසිටි දේශපාලඥයන් අතර මාවෙයි සේනාධිරාජා ද ප්‍රමුඛස්ථානයක සිටියේය. ඒ මහතා එසේ ඉල්ලාසිටීමට හේතුව පසුගිය 21 වනදා පාස්කු ප්‍රහාරයෙන් පසු ව ඇති වූ තත්ත්වය නිසා සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවත් සෙසු දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා…

මහින්ද ට බෑ; මමයි ජනාධිපති අපේක්ෂක ගෝඨා නැවතත් ජත්‍යන්තරයට කියයි

දහනවවන සංශෝධනයේ නීති රීති අනුව තම සහෝදර මහින්ද රාජපක්ෂට නැවත ජනපතිවරණයකට තරග කරන්නට බැරි නිසා තමා ඉදිරි ජනපතිවරණයට නිසැක ලෙස ඉදිරිපත්වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ පළවන ‘ද වීක්’ (The Week) සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වී නැවතත් අවධාරණය කර තිබේ. මීට පෙර පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයට ද ඔහු මෙම අදහස දක්වා තිබුණි….

පාසල් අවට ආරක්ෂාව තර කෙරේ.

අනිද්දා ආරම්භ කිරීමට නියමිත නව පාසල් වාරය හේතුවෙන් පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පොලිසිය සකස් කර තිබෙනවා.  ඊට අදාළව සෑම පොලිස් ස්ථානයක් වෙතම අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ. එමෙන්ම පොලිස් කොට්ඨාශ මට්ටමින් පාසල් අවට පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුවන බව ඔහු සඳහන් කළා. මේ අතර කොළඹ ප්‍රදේශයේ පාසල්…

සහරාන් මියගියා දැයි සැකයක්!

ජාතික තවුහිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මොහොමඩ් හෂීන් හෙවත් අඹු උබෙයිදා ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණ බවට පැවැසුවත් ඔහු එහි දී මරාගෙන මැරී නැති බවට ආරක්ෂක බුද්ධි අංශ සැක පහල කරයි. ෂැන්ග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පුපුරුවා හරිනු ලැබුවද මරාගෙන මැරී ඇත්තේ එක් පුද්ගලයකු බවත් අනෙක් පුද්ගලයා වූ සහරාන් දුරස්ථ පාලකයකින්…

අසත්‍ය ප්‍රචාර පලකරන මාධ්‍යවලට ඇමති අකිලගෙන් පිළිතුරක්

පාසැල් සිසුන් පාසැල් යාවා මියගියහොත් සුරක‍්ෂා රක් ෂණයෙන් රුපියල් ලක‍ෂයක් දෙන පණිවුඩය තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ මාධ්‍ය ජාලාවල මුදලට සේවය කරන්නන් විසින් සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා. තමන් දෙදරු පියෙකු වශයෙන් පැවසූයේ එවැන්නක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කර සිටියා. කුලියාපිටිය…

අල්ලපු ලියුම් මගේ – ඒවා නීති විරෝධී නෑ : කිරිඇල්ල කට අරියි !

ජනාධිපතිට අපහාස කර ඇති බව සදහන් කරමින්  පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිගෙන ඇති බව වාර්තා වෙයි. ගුවන් විදුලි මාධ්‍යයක් විසින් සිදුකළ විමසීමකදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පිළිගෙන ඇති අතර අදාළ ලිපිය වෙබ්…

රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිට කරනවා – ඇමති වජිර

රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිටකරලීමට අවශ්‍ය විධිවිධාන යොදවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අණාවරනය වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

බෝම්බකරුවන්ගේ තොරතුරු නිකුත් කෙරේ

පාස්කු ඉරිදා ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 09 න් ජිවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බවයි. කෙසේ වෙතත් මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන් ඇතුළු ඊට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්තවාදී නායකයන් මියගිහින්. අවශ්‍ය අය වැඩි දෙනෙක් අත්අඩංගුවේ. තවත් ඉක්මන් ප්‍රහාරයකට ඉඩ අඩුයි – ආරක්ෂක අංශ ආරංචි මාර්ග

පාස්කු ඉරිදා හා පසුව සයින්දුමරදු ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී නායකයින් ගණනාවක් මියගොස් ඇති අතර සංවිධානයේ අත්‍යාවශ්‍ය ප්‍රබලයින් අත්අඩංගුවට පත්වී ඉතිරි පිරිසටත් සැඟවී සිටින්නට සිදු වී ඇති තත්ත්වයක් තුළ ඉක්මණින් තවත් ප්‍රහාරයක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට මෙම සංවිධානයට හැකියාවක් ඇතැයි විශ්වාස කළ නොහැකි බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි. 21 වැනිදා ප්‍රහාර එල්ල කළ සංවිධාන දෙකෙහි ප්‍රධාප පෙළේ…

ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් – ISIS නායකයා වසර 05 කට පසුව වීඩියෝවක් නිකුත් කරමින් පවසයි

රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට…